නවතම පුවත්

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ සැකකරුවන් ඇල්ලීම CIDයට මගහැරේ – කොමිසමේදී හෙළිවෙයි

අසංක

අසංක

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශන මාස 4කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණත් ත්‍රස්ත ප්‍රහාරය සිදුවනතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොතිබූ බව පාස්කු කොමිසම හමුවේ අද අනාවරණය වී තිබේ.

2018 දෙසැම්බර් 26 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම විමර්ශන පවරා තිබුණත් 2019 අප්‍රේල් 21 වැනිදා වනතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබුණි.

මාවනැල්ල සහකාර පොලිස් අධිකාරිවරයාව සිටි ගාමිණී තෙන්නකෝන් මහතා දෙවැනි දිනටත් අද සාක්ෂි ලබාදී තිබුණි.

මාවනැල්ලේ බුදුපිළිමවලට 2018 දෙසැම්බර් 23 වැනිදාත් 26 වැනිදාත් ස්ථාන 4කදී හානි කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට 26 වැනිදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පැමිණි බව ඉහළ නිලධාරීන්ගෙන් තමාට දැනගන්නට ලැබුණු බව සහකාර පොලිස් අධිකාරිවරයා සදහන් කර ඇති.

විමර්ශන සදහා පැමිණ ඇත්තේ පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 3-4ක් පමණක් බව ඔහු සදහන් කළේය.

මෙවැනි විමර්ශන සදහා එක නිලධාරීන් කණ්ඩායමක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව තමාට හැගී ගිය බැවින් ඒ බව දැනුම් දීම සදහා ජනවාරි 3 වැනිදා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් බුදු පිළිම කැඩීම සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස ඉල්ලා සිටි බව සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා පැවැසීය.

එම ලිපිය යොමුකරන විට මාවනැල්ලේ බුදුපිළිමවලට හානිකිරීම සම්බන්ධයෙන් සැකපිට 13 දෙනෙක් මාවනැල්ල සහ කෑගල්ලෙන් පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අදවනවිටත් බන්ධනාගාරගතව සිටින බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි