නවතම පුවත්

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ දෙදෙනා බේරගන්න සහරාන් ලක්ෂ 20ක් දීලා

අසංක

අසංක

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම් සම්බන්ධ‍‍‍‍‍‍‍යෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීම සඳහා නීතිඥ සහය ගැනීමට සහරාන් විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට බෙදාදුන් බව කියන කොන්ත්‍රාත්කරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රි මාවනැල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා සහරාන් සමග ඉතා සමීපව සම්බන්ධකම් පැවැත් වූ අයෙක් බව හෙළිවී තිබේ.

මෙම පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ හිටපු ඇමති රිසාද් බදියුදීන් මහතාගේ සහෝදරයා සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ය.

මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම්වලට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් වෙනුවෙන් එම නීතිඥවරයා ද පෙනී සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සහරාන්ගේ උපදෙසින් බෙදා දුන් ලක්ෂ 20 ක මුදල අදාල නීතිඥවරයාට සම්බන්ධ නීති සමාගමකට යොමු වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

අදාල මුදල් බෙදා හරින ලද පුද්ගලයා ගොඩනැගිලි කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් බවත් ඔහු හිටිහැටියේ ධනවතෙක් වූ අයෙක් බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්