නවතම පුවත්

මාවනැල්ල සිද්ධියේ ලක්ෂ 17ක් තරුණ නීතීඥවරියකගේ ගිණුමකට ගිහින්

අසංක

අසංක

 

මාවනැල්ලේ බුදු පිළිම හානි කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට වැය කිරීමට පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු සහරාන් හෂීම් විසින් දුන් මුදල් සැකකරුවන්ගේ ඥාතීන්ට දී නැවත එකතුකර තැන්පත් කළ බැංකු ගිණුමක් ගැන තොරතුරු හෙළිවෙයි.

එම බැංකු ගිණුම නිට්ටඹුවේ පිහිටි බැංකුවකට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

එහි හිමිකරු තරුණ නීතීඥවරියකි.

එම බැංකු ගිණුම විවෘතකර ඇත්තේ 2019 ජනවාරි මාසයේදී ය.

ලක්ෂ 17 ක පමණ මුදලක් එම ගිණුමට බැරවී ඇත.

එම මුදල් ඇය විසින් ලබාගැනීමෙන් පසු එම ගිණුමට කිසිදු මුදලක් බැරවී නැත.

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මාවනැල්ලෙන් ලැබෙන මුදල් වෙනුවෙන්ම පමණක් එම බැංකු ගිණුම විවෘත කර ඇති බවයි.

ගිණුම හිමි නීතිඥවරිය තිහාරියේ පදිංචිකාරියකි.

එම නීතීඥවරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.

ඇය සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ උපදෙස් මත තමාට මෙම බැංකු ගිණුම විවෘත කිරීමට සිදුවූ බවය.

ගිණුමට බැරවූ මුදල් එම නීතීඥවරයාට ලබාදීමෙන් පසු තමාට රුපියල් 30000 ක මුදලක් ඒ වෙනුවෙන් ලැබුණු බවද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.

එම ජ්‍යෙෂ්ඨ නීතීඥයා මාවනැල්ලෙන් ලැබුණු එම මුදල ගැන තොරතුරු සැගවීමට උත්සහ ගත්තේ ඇයි දැයි ගැටළුවක් බවත් ඇය පවසා ඇත.

අදාළ ජ්‍යේෂ්ඨ නීතිඥයාගෙන් ද මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී