නවතම පුවත්

මිනීමැරුමක් ගැන ශානි කළ තවත් පටලැවිල්ලක් ගැන විමර්ශන ඇරඹේ

අසංක

අසංක

දෙණියාය වරල්ල ප්‍රදේශයේ සිදුවුණු මිනිස් ඝාතනයක සැකකරුවෙක් ලෙස වෙනත් පුද්ගලයෙක් අල්ලා වෙඩි තැබූ ගිනි අවිය වෙනුවට වෙනත් ගිනි අවියක් සමග අධිකරණයට ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළුපිරිසකට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ අය අතර මේ වන විට ස්විට්සර්ලන්තයට පළාගොස් සිටින නිශාන්ත සිල්වාද සිටී.

2010 වසරේ අගෝස්තු11 වෙනිදා එම මිනිස් ඝාතනය සිදුව ඇත. සාගර මධුෂාන් නැමති අයෙක් මිය යන අතර දිලිප් පරණ විතාන නැමැති අයෙක් තුවාල ලබා තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුව ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.

ශානි අබේසේකර මහතා යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ඝාතනය සම්බන්දයෙන් සැකකරුවෙක් 2011 පෙබරවාරියේදී ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයටද ඉදිරිපත්කර ඇත. පසුව තිහගොඩ පොලිසීය ප්‍ර දේශයේ සිදුවුණු වෙනත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙක් ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී දෙණියාගේ ඝාතනය ගැනද තොරතුරු හෙළිකර ඇත. එම ඝාතනයට යොදාගත්තේ යැයි ඔවුන් පවසා ඇත්තේ තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගිනි අවියයි. ඒ බව රස පරීක්ෂණ වාර්තාවෙන්ද පැහැදිලි වී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් නොකර මුලින් අත්අඩංගුවට ගත් සැකකරුටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන්ය.

මේ සම්බන්දයෙන් එවකට සිටි අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා මහතා විසින් දීර්ඝ කරුණු දැක්වීමක් කරමින් ශානි අබේසේකර ඇතුළු කන්ඩායමට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාට 2011 ජූලි 08 වෙනිදා ඉල්ලීමක්ද කර ඇතිබව සදහන්ය.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුව මාතර මහාධිකරණය විසින් නිදහස්කර ඇති අතර සැබෑ ඝාතකයන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවර ගෙන නොමැති බවද සදහන්ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී