නවතම පුවත්

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කරනවා – මංගල කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම , පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට පෙරම අත්සන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටී

එම ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යමංගල සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවද මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය .

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි