නවතම පුවත්

මුක්තිය, භුක්තිය සහ යුක්තිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(කුමාර ලියනගේ )

මෙරට විධායක බලතල සහිත ජනාධිපතිට/ජනාධිපතිනියට ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය තෙක් උරුම වූ නීතියේ මුක්තියක් තිබුණු අතර, ඒ අනුව ඔහුට හෝ ඇයට විරුද්ධ ව සිවිල් නඩු පැවරීමක් සිදු කළ නො හැකි විණි. මේ නෛතික ප්‍රතිපාදනය වක්‍රාකාරයෙන් පවසන්නේ ශ්‍රී ලංකාවේ කවර ජනාධිපතියෙකුට / ජනාධිපතිනියෙකුට වුව සිවිල් අපරාධ සිදු කිරීමේ චේතනාවක් තිබිය හැකි බව ය. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ආරක්ෂාවක් ලබා දී තිබේ.

මේ බව දැනගත් විවිධ විද්වතුන් විසින් ඊට එරෙහි ව අදහස් දක්වන්නට වූ අතර, අවසානයේ 19වැනි සංශෝධනය සමග එකී මුක්තිය බැහැර කරන ලදී.

එකී සංශෝධනය වැඩිකල් පැවතියේ නැත. වර්තමාන ආණ්ඩුව විසින් නැවතත් පැරණි මුක්තිය හඳුන්වා දෙමින් 20වැනි සංශෝධනය යටතේ, ජනාධිපතිට/ජනාධිපතිනියට විරුද්ධ ව සිවිල් නඩු පැවරිය නො හැකි බවට සම්මත කර ගැනිණි.

දැන් මෙරට ජනාධිපති සිටින්නේ නීතියටත් ඉහළිනි. එය කිසිසේත් නො විය යුත්තකි. නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන විය යුත්තා හ. සියල්ලන්ට විරුද්ධ ව නඩු පැවරීමේ හැකියාවක් තිබිය යුතු ය. කිසිවෙකු සඳහා වත් විශේෂ නෛතික ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ නැත. සමාජයක් වඩා ප්‍රබුද්ධත්වයට පත් වන්නේ එවිට ය.

2019 වර්ෂයේ ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති බලයට පත් වූයේ ඡන්ද ලක්ෂ 69ක් ලබා ගනිමිනි. එකී ජනමතය හිමි වූයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද “සෞභාග්‍යයේ දැක්ම” ජනාධිපතිවරණ පොරොන්දු පත්‍රය සඳහා ය.

ජනාධිපති එහිලා සඳහන් කරන ආකාරයට “සෞභාග්‍යයේ දැක්ම” සකස් කර තිබෙන්නේ අසාමාන්‍ය පරිශ්‍රමයකිනි.

” ‘ඔබ ඉල්ලන රට’ නම් වූ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරනු ලැබුවේ වසරකට අධික කාලයක් පුරා මේ රටේ ගම් 25000කදී පවත්වනු ලැබූ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන්වලින් ලබාගත් ජනතාව ගේ යෝජනා අතරින් ය.”

මෙලෙස සඳහන් වන්නේ “සෞභාග්‍යයේ දැක්ම” යෝජනාවලියේ ය.

‘වසරකට අධික කාලයක්’ ලෙසින් සඳහන් වුවත් එය වසර දෙකක් (දින 730ක්) ලෙසින් සලකා බැලුව ද, ගම් 25000ක “සෞභාග්‍යයේ දැක්ම” පැවැත්වීමට නම් එක් දිනයකට ගම් 34කදී, එය සංවිධානය කළ යුතු ය.

කවර අවශ්‍යතාවක් සඳහා වුව එක් දිනයකට ගම් 34ක මෙවැනි කාර්යාවලියක් සංවිධානය කිරීමට තරම් කාර්යක්ෂමතාවක් අප රටේ රාජ්‍ය අංශයට නොමැති බව දනිමු.

කෙසේ වෙතත්, ඊට අමතර ව තවත් ක්ෂේත්‍ර 28ක් ආවරණය කළ විශේෂඥ කමිටු 540ක් ද. ‘වියත්මග’ සංවිධානය කළ කමිටු 27ක් වසර 3ක් තිස්සේ ද, මේ මහා තොරතුරු ගවේෂණවලට දායක වී තිබෙන බව එහි සඳහන් ය.

මේ සා බර තබා සකස් කරන ලද ‘විද්‍යාත්මක’ යෝජනාවලිය වන “සෞභාග්‍යය දැක්ම” 2019දී මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ම, දැවැන්ත ජනමතයකින් ජයග්‍රහණය කර වූ හ. ඔහු මෙරට ජනාධිපති වූයේ එකී සුවිශේෂ ජන වරමිනි.

එසේ ද වුවත්, වසර 3ක් ගත වන විට ජනාධිපති එයට පයින් ගැසුවේ ය. දැන් ඔහු “සෞභාග්‍යය දැක්ම” බැහැර කර, ඔහු ගේ විධායක බලතල යොදා මෙරට ජනතාව විසින් සහමුලින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලනික කඩමාල්ලක් වන රනිල් වික්‍රමසිංහට අගමැති තනතුරක් ලබා දී ඔහු ‘ඤාණයියා’ කර තිබේ.

මේ කවර නම් අපභ්‍රංශයක් ද?

කවර සන්දර්භයක් යටතේ වුවත්, විරුද්ධ පක්ෂය සරණ යෑමෙන් ඔහු ආණ්ඩුව පාවා දී නැද්ද?

ජනාධිපතිට මේ ආකාරයෙන් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට බලය ලබා දුන්නෝ කවරහු ද?

2019 ජනමතය තුළ රනිල් වික්‍රමසිංහට බලය පැවරීමක් පිළිබඳ අදහසක් තිබෙන්නට ඇද්ද?

බලයට පත් කරන ලද ජනමතයට පයින් ගැසීමෙන් ජනාධිපති ගේ නිලභාවය අහෝසි නො වන්නේ ද?

KL/2022/05/17@gotagohome

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි