නවතම පුවත්

මුතුරාජවෙල වගුරු බිමේ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක්

අසංක

අසංක

මුතුරාජවෙල වගුරු බිමේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 68 ක් ඇතුළු මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සදහන් කළේ ගෑස් ලිප් යොදාගෙන වගුරු බිමේ දූපත් කොටසක මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය බවයි.

කැලණිය, ගම්පහ සහ මීගමුව යන පොලිස් කොට්ඨාශවලින් තෝරාගත් නිලධාරීන් 100 ක කණ්ඩායමක් යොදා මෙම වැටලීමේ ඊයෙ සිදුකර ඇත.

ගෝඩා බැරල් 68 ට අමතරව තඹ දගර 04 ක්, ගෑස් සිලින්ඩර් 04 ක් සහ ගෑස් ලිප් 04 ක් සොයාගත් භාණ්ඩ අතර වෙතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර උතුර (ගම්පහ දිස්ත්‍රික්කය) දිසාව තුළ කර ඇති නීති විරෝධි මත්පැන් වැටලීම් වලින් ගෝඪා බැරල් 2500 ක්ද, කසිප්පු බෝතල් 93890 ක්ද, සමග සැකකරුවන් 10885 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී