නවතම පුවත්

මුලතිව් කුරුළු අභයභූමියට අයත් ඉඩම් අක්කර 500ක් හෙළි කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසූරිය.

මුලතිව් කොක්කුතුඩුවාහි හි කුරුළු අභයභූමියට හා කඩොලාන කැළැවට අයත් අක්කර 500 කට ආසන්න ප්‍රදේශය මේ වන විට කිසියම් පිරිසක් විසින් ඉඩම් ගොඩකරමින් කුඹුරු වගාකරමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව පවසති.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් අභය භූමියේ පැවති අක්කර සියයකට ආසන්න ප්‍රදේශයක් ඩොසර් රථ යොදාගනිහින් හෙළිපෙහෙලි කොට වන වගාවන් හා කුඹුරු වගාවන් ආරම්භ කොට ඇති බවද ඔවුහු පවසති.

ප්‍රදේශයේ දෙමළ දේශපාලඥයින්ගේ හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම ඉඩම් හෙළිපෙහෙළි කොට වගාබිම් ආරම්භකර ඇති බවත් එම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් හා වල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම් විශාල හානියක් සිදුවි ඇති බව පෙන්වා දෙති.   

කුරුළු අභය භූමියක් මෙලෙස විනාශකොට වගා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයටපත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් අවට වනාන්තර වලද පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඇතැමුන් වගාබිම් වෙන්කරගෙන ඇති අතර ප්‍රදේශිය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවෙකුට නොහැකිවී ඇතැයිද කීය.  

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනකපුර තිලකාරාම විහාරාධිපති මිහින්තලේ සුජිත හිමි,

1956 ගැසට් කළ කුරුළු අභයභූමියක් තමයි මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි කුරුළු අභයභූමිය. අද වෙන විට කුඹුරු ඉඩම් සකසන්න කෑලෑ ප්‍රදේශ විනාශකරලා. කුරුල්ලන්ට වාසය කරන්න තැනක් නැහැ. මේ නීති විරෝධී ක්‍රියාව රජයේ උසස් නිලධාරීන්ගේ මැදිහත්වීම තුලින් තමයි සිදුවෙන්නේ. පසුගිය කාලයේ ජනාධිපතිවරයා උපදෙස්දුන්නා වඩුමඩු තහනම් කරන්නට. එහි බලපත්‍ර ලබාදීම නැවත්වා දැමුවා රටේ වන විනාශය නවත්වන්න. 

නමුත් දැන් මේ කුරුළු අභයභූමියේ ඉඩම් විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් විනාශකරලා. ඩොසර් යොදා හෙළිපෙහෙලි කරලා. මෙහි ජාතිවාදී ගැටළුවක් නැහැ. මේ සිදුවන්නේ විශාල පරිසර විනාශයක් එය නවත්වන්නටයි අපට අවශ්‍ය. සතුන්ට ජීවත්වන්නට තිබෙන මේ භූමිය විනාශ කිරීම නවත්වන්නට බලධාරීන්ගේ අවධානය යොමු වියයුතුයි.

අභය භූමිය හෙළි කිරීම සම්බන්ධයෙන් මුලතිව් වනජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ ඉඩම්ගොඩකර ඇති ප්‍රදේශය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයක් නොවන බවයි. 

කුරුළු අභයභූමියක් බවට සඳහන් කොට නාම පුවරුව තිබුණද වනජීවි දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නොවන බව පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ තමන් ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස සොයාබැලීම් සිදුකළද මෙහි භූමිය අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් තමා සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි.

ගැටළුව සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ වර්තමාන රජය ‍මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ නිජ භූමිය වන මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නව සිංහල ජනාවාසයක් ස්ථාපිත කරමින් සිටින බවයි.

මේ වන විට රජය කොක්කුතුඩාවායි ප්‍රදේශයන්ගේ නව සිංහල ජනාවාස බිහි කිරීමේ මුලික පියවරවල් ආරම්භ කොට ඇති අතර, උතුරේ ජනතාව රජය උතුරේ සිංහල ජනාවාස බිහි කිරීමේ ක්‍රියාවන් කිසිලෙසකින් අනුමත නොකරන අතර,රජය මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ඉඩම් තුළ උතු‍රේ සිංහල ජනාවාස ජනාවාස බිහිකරමින් පවතින අවස්ථාවක මුලතිව් දිස්ත්‍රික්කයේ පාරම්පරික ජනතාව ජිවත්වු ඉඩම් ඇතුළත් කොට වනජිවි කලාප ලෙස නම් කොට නාමපුවරු යොදා ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවෙ මුලතිව් දමිළ ජනතාවගේ පාරම්පරික වගා ඉඩම් පැවති කොට්ටෙක්කේනි,කුංචුක්කාල්වේලි,තීමුන්දල්,වෙල්ලෙක්කල්ලඩි ආදි ප්‍රදේශයන‍්ගේ ජනතාවගේ ඉඩම් ඇතුළත් කොට වනජිවි දෙපාර්තමේන්තුව සිය නාමපුවරු ස්ථාපිත කොට ඇති අතර, අදාළ ප්‍රදේශ රක්ෂිතයන් ලෙස නම්කොට ඇති බවයි.

වනජිවි දෙපාර්තමේන්තු අදාළ ක්‍රියාව තුළින් දෙමළ ජනතාවගේ ඉඩම් තුළ දෙමළ ජනතාව වෙත සිය වගා කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්වයක් උදාවි ඇති බවද හෙතෙම පැවසුවේය.

දෙමළ ජනතාව වගා කටයුතු කිරීමට සකස් කළ වසර ගණනාවක් පැරණි ළිං පවා තිබෙන ඉඩම් එලෙස වනජිවි දෙපාර්තමේන්තුව සිය සීමාව වෙනුවෙන් ඇතුළත් කරමින් නාමපුවරු යොදා ඇති බවද රවිහරන් මහතා සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ පවතින ඉඩම් තුළ නව සිංහල ජනාවාස බිහි කිරීම හරහා හා දෙමළ ජනතාවගේ පවතින ඉඩම් රක්ෂිත ලෙස නම් කිරීම තුළින් මුලතිව් දෙමළ ජනතාව මුලතිව් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

රවිහරන් මහතා පැවසුවේ රජයේ මෙවැනි ක්‍රියා හේතුවෙන් මුලතිව් දමිළ ජනතාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන අතර, මුලතිව් ජනතාව දැඩි කළකිරීමෙන් පසුවන බවයි. ‍

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී