නවතම පුවත්

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමි අපවත්වී මාස 3ක් සපිරේ – තෙමස් පිංකම සිදුකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසූරිය

අපවත්වි වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ තෙමස් පූර්ණ දානමය පුණ්‍ය කර්මය ඊයේ (21)  මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේදී පැවැත්විණ.

කොළඹ 07,ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය විද්‍යාවේදී උඩුදුම්බර කාශ්‍යප නාහිමියන්ගේ මූලිකත්වය යටතේ දානමය පුණ්‍ය කර්මය සංවිධානය කොට තිබිණ.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය මිහිදුපුර රතන‍දේවකිත්ති නාහිමියන් ප්‍රමුඛ භිකෂූන් වහන්සේලා 100 ක් නමක් උදෙසා දානය පිළිගැන්වීම එහිදි සිදුකෙරිණ.

කොළඹ 07,ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායක පිරිස හා වැලිඔය ප්‍රදේශවාසීන්‍ හා මුලතිව් යුධ හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දානයම පුණ්‍ය කර්මය පැවැත්විණ.

දානමය පුණ්‍යකර්මය අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවල්වෙත ආධාර ලබාදීමද සිදුකෙරිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්