නවතම පුවත්

මුස්ලිම් දික්කසාද නීතිය සංශෝධන කිරිමට කැබිනට් අනුමැතිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය  හිමිව ඇත. තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත. 

බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්තාවන්ට කිසිදු ස්වාධීනත්වයක් හිමි නොවන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති වහාම සංශෝධනය කළ යුතු බවට බරපතළ සංවාදයක් පසුගිය යුගයේ රට තුළ ඇතිව තිබුණු අතර මුස්ලිම් කාන්තා සංවිධාන ද මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණ තිබිණි. 

ඒ අනුව විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහය සඳහා කාන්තාවකගේ කැමැත්ත ලබාගැනීම ඇතුළු සංශෝධන එක්කරමින් පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි