නවතම පුවත්

මුහුණ සෝදමු ! මුහුණු පොතේ සුබස ලියමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සටහන- චන්ද්‍රා කපුකොටුව

අලුත් අවුරුද්දෙ හැමෝටම යෝජනාවක් කරන්නම්. අපි අන්තර්ජාලයේ ලියන කියන භාෂාව පිරිසිදු කරමුද?


ඇයි දන්නවද? ඔබ ඒ ගැන නො හිතුවට ඔබේ දරුවන්, හිතවතුන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් මේ අන්තර්ජාලයේ සැරිසරනවා. ඔබ ලියන දේ ඒ අය කියවනවා. සමහරවිට යෝජිත මනාලියගේ ඥාතීන් වෙන්නත් පුළුවන්. ඔබේ ගෙදර අය කතා කරන හැටි පාසලේදී හැසිරුනු හැටි ඉතා අසීලාචාර බව හැමෝම දැනගන්නවා. ලැජ්ජා නැද්ද?.

අසභ්‍ය දේ ලියන ඔබේත් කියවන අයගේත් හිත කිලිටි වෙනවා. කෙලෙස් සහගත වෙනවා. ඒවායින් ඔබ ඒ අයට දෙන්නේ කුණු රහක් පමණයි. ඔවුන් ඔබ ගැන දරන මතය කුමක් වෙයිද?.
ඕනෑම අදහසක් පළ කළ හැකි ඉතා සුන්දර භාෂාවක් අපට තියෙනවා. පිරිසිදු ලස්සන වචන අපට තියෙනවා. ලෝකයේ හුඟක් භාෂාවල් වලට අකුරු නෑ. ඒත් අපේ සිංහලයට ඉතාම විද්‍යාත්මක අකුරු සමූහයක් තියෙනවා. ඉතින් අපි අපේ අදහස් ඒ ශ්‍රේෂ්ඨ භාෂාවෙන් ලියමු.
ඔබ බෞද්ධයෙක් නම් සතර සංග්‍රහ වස්තූන් ගැන දන්නවා ඇති. “දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාවය” කියන හතර. බලන්න මිනිස් සංහතියට සංග්‍රහ කළ හැකි ප්‍රධානම වස්තූන් අතරටත් ප්‍රිය වචනය ඇතුලත් වෙනවා.
මහනෙල් සුවඳමය – කුඩමසු පිළී ගඳමය දෙකට එක දියමය – හොඳට නරකට දෙකට කටමය
අපේ පැරැන්නන් එහෙමයි අපිට කියලා දෙන්නේ.
ධම්මපදය, ලෝවැඩසගරාව, සුභාෂිතය, සිරිත් මල් දම, ලෝකෝපකාරය කොච්චර ඒ ගැන කියලා දෙනවද?.

සියවස් ගණනකට පෙර ඉන්දියාවේ විසූ තිරුවල්ලුවර් කවියා තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයේදී ප්‍රිය වචන ගැන කී හැටි;

හැමටම සැප පිණිස පියබස් කියන්නන් වෙත දුක් දෙන දිළිදුකම පවා කිසිවිටක නොම ලං වේ
සුවිනීත වීමත් පිය බසින් ඇමතීමත්
මිසක් වෙන අනෙකක් කෙනෙකුහට වන්නේ ද අභරණ
ඉදුණු පල දැක දැක ලා පල නෙලන්නා සේ මිහිරි බස තිබියදී කිමෙක අමිහිරි බස් දොඩන්නේ
(තිරුක්කුරල්, ධර්ම කාණ්ඩය, ගිහිධර්ම 94, 95, 100 පැදි)

(The colombo express පාඨක අදහසකි).. ඔබත් ඔබගේ අදහස් අපට යොමු කරන්න.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී