නවතම පුවත්

මෙම පණිවිඩය විග්නේශ්වරන්ට කියන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විග්නේශවරන් ද වාසු සහෝදරයා මෙන් දකුණේ උපන්නේකි. නමුත් ද්‍රවිඩයෙකි. විග්නේශ්වරන්ගේ පුත්‍රයා විවාහ වන්නේ වාසු සහෝදරයාගේ දියණියත් සමගය. එකී විවාහය ආරම්භයේදී මෙම දේශපාලනික පියවරුන් දෙදෙනා හට එය දැනුනේ ඔවුන්ගේ ස්නායු පදධතියේ කුමන ස්නායුවට දැයි සොයාබැලීම ජාතික වශයෙන් කිසිදු වැදගැම්මකට ඇති දෙයක් නොවුනද ඔවුන් අතීතයේ සිට වර්තමානය දක්වා රැගෙන ආ දේශපාලන ප්‍රවාහය හා සසදන කල ඔවුන්ගේ රුධිරයෙන් ගොඩ නැගුණු දරුවන් මෙවන් එකිනෙක පරස්පර මිශ්‍ර ජාතික විවාහයන් සිදු කර ගනිද්දී ඔවුන් දෙදෙනා එය සිය දේශපාලනය හා ගළපා ගත්තේ කෙසේදැයි යම් තරමකින් හෝ සොයා බැලීම වටී.

විග්නේශ්වරන් විවිධ අවස්ථාවන් හිදී සිය සිංහල විරෝධී දේශපලන ක්‍රමවේදය හේතුකොටගෙන මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණියද ඔහුගේ නවතම වික්‍රමය වූයේ ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාවයි. එහිදී ඔහු ගේ කතාවේ මූලික හරය වූයේ ද්‍රවිඩ භාෂාව යනු සිංහල භාෂාවටත් වඩා පැරණි අතර ඉන් කතාවේ මූලික හැගවුම වන්නට ඇත්තේ ලංකාවේ මුල් පදිංචි කරුවන් සිංහලයින් නොව උතුරේ ද්‍රවිඩයින් බවට අනුමාන කළ හැක. එසේම එම කතාව පාර්ලිමේන්තුව තුල කිරීම මගින් ඔහු තවදුරටත් අපේක්ෂා කරන්නට ඇත්තේ ඔහු දරන ද්‍රවිඩ වර්ගවාදී මතය සදහා නිල පිලිගැනීමක් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් ලබා ගැනීම වන්නට ඉඩ ඇත.

විග්නේශ්වරන් මූලික අධ්‍යාපන ලබන්නේ කොළඹදීය එනම් කොළඹ රාජකීය විද්‍යාලයෙනි. එමෙන්ම සිය නීති අධ්‍යාපනය ලංකා විශ්වවිද්‍යාලයෙන්ද, කොළඹ නීති විද්‍යාලයෙන්ද ලබා උපරිමාධිකරණ විනිසුරුවරයකු දක්වා උසස්වන්නේ ලාංකීය නීති පද්ධතිය තුල කටයුතු කරමිනි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම විග්නේශ්වරන් යනු උගතෙකි. ඔහුගේ ක්‍රියාකලාපයන් හා සිය ත්‍රීරෝද රථයේ “සිංහලේ” සිටිකරය අලවාගෙන හන්දියේ හයර් පදින අට ශ්‍රේණිය පමණක් සමත් සිංහල තරුණයාත් අතර සුවිසල් පරස්පරයක් අපි සියලුදෙනා විග්නේශ්වරන් වැන්නකුගෙන් අපේක්ෂා කරමු. නමුත් කණගාටුවට කරුණ වන්නේ දකුණේ තුට්ටුදෙකේ දේශපාලකයින් විසින් ද්‍රවිඩයාට එරෙහිව උසිගන්වන ලද සිංහල වර්ගවාදී තරුණයාත් උතුරේ සිංහල ජන ප්‍රජාවට එරෙහිව සිය ජනතාව මෙහෙයවන විග්නේශ්වරන් වැන්නන් අතරත් කිසිදු වෙනසක් දක්නට නොලැබීමය. ඔවුන් දෙකොට්ඨාශය විසින්ම අපේක්ෂාකරනු ලබන්නේ එකම ථලයය. එනම් ජාතීන් දෙකකට එරෙහි වර්ගවාදී ගිනිපුපුරුය.

කොටින්ම විග්නේශ්වරන් වැනි දේශපාලකයින් සිය දේශපාලන බලය තවුරු කර ගැනීමේදී සිංහල ජාතියට එරෙහි ද්‍රවිඩ වර්ගවාදය හා ලබා දුන් ද්‍රවිඩ නිජභූමිය අත්පත් කර ගැනීමේ පොරොන්දුත් හේතු කොටගෙන ඔහුට දකුණේ දියවන්නාවේ පාර්ලිමේන්තුවට පැමිණියද ද්‍රවිඩ වර්ගවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයන් කිරීම විනා වෙනත් යමක් කිරීමට ඔහු පයතබා සිටිනා අතිශය පටු දේශපාලන රාමුව තුල කිසිදු ඉඩකඩක් නොමැත. විග්නේශ්වරන් වැන්නන් එසේ කළහොත් ඔවුන් විසින් උතුරේ අසරණ ද්‍රවිඩ ජනයා මත බලහත්කාරයෙන් පටවා ඇති පටු දේශපාලනයේ බලපරාක්‍රමය මොහොතෙන් සුනුවී යනු ඇත. ඒ අනුව වර්ගවාදය නම් පහසු දේශපාලන ආයුධය විග්නේශ්වරන් වැන්නන් කිසිදා අත්හරිනු ඇතැයි සිතිය නොහැක. කොටින්ම සිය පුත්‍රයන් දෙදෙනා දකුණේ සිංහල දියණියන් දෙදෙනකු විවාහ කර ගනිමින් ඔවුන් විදිනා සුවය විග්නේශ්වරන් විසින් සිත යටින් සතුටින් වින්දද එකී වින්දනය උතුරේ පාර්වතීලාට හෝ සින්නතම්ම්බිලාහට ලැබෙනවාට විග්නේශ්වරන් කැමතිවන්නේ නැත, එයට හේතුව වන්නේ ඔහු එසේ කළහොත් ඔහු විසින් සිදුකරමින් සිටින පටු දේශපාලනය උතුරේ ජනතාව විසින් ප්‍රත්ක්ෂේප කිරීමේ අවදානම ඔහු කල්තියා දැක තිබීමය.

විග්නේශ්වරන් එදා පාර්ලිමේන්තුවේදී එවන් පටු වර්ගවාදී ප්‍රකාශයක් සිදුකරද්දී එය ඔහුගේ මස්සිනා වන පාර්ලිමේන්තු සභික වාසු සහෝදරයාට ඇසුනේ නැත, කොටින්ම සිංහල වර්ගවාදය කරපින්නාගෙන මෙවර පාර්ලිමේන්තු පැමිණි දේශපාලකයින් කිසිවෙකුගේ කණ වැකුනේ ද නැත. නමුත් එකී ප්‍රකාශය හැන්සාඩ් ගතවන්නට හැර දැන් ඔවුහු සිය සරම කරේ එල්ළාගෙන විග්නේශ්වරන්ගේ වර්ගවාදී ප්‍රකාශයන එරෙහිව කෑකෝ ගසති. එය අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීමක්ද , අස්සයන් රේස්පදින මාවතේ බූරුවන් බර කරත්ත දැක්කීමද යන්න ලාංකීය වැසියා සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය.

දකුණේ සිංහලයා හා උතුරේ ද්‍රවිඩයා සහයෝගයෙන් මුසුවනවාට දෙපාර්ශවයේම දේශපාලකයින්ගේ කිසිදු කැමැත්තක් නැත. කොටින්ම ඔවුන් සිය දරුවන් මෙන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සිය අසරණ පාක්ෂිකයාගේ දරුවා උපාධි ලබනවාට පවුලේ සාමාජිකයින් සමග ඉංග්‍රීසියෙන් ද පාක්ෂිකයා සමග මවු බසින්ද දොඩන මෙකී වර්ගවාදී දේශපාලකයින් කිසිසේත්ම රිසි නැත. මක් නිසාද යත් සිය පාක්ෂිකයා යම් හෙයකින් ලෝකය දුටුවහොත් ඒ මොහොතේ පටන් තමන් දේශපාලනිකව අහෝසිවී යනු බව ඔවුන් හොදින් දන්නා නිසාය.

විග්නේශ්වරන් වැන්නෙක් මෙසේ ලියැවෙන කසිකබල් ‘සිංහල’ ලියමන් තුට්ටුවකට හෝ මායිම් නොකරනවා විය හැකය. නමුත් මෙම ලියමන කියවා වටහාගත් කිසිවෙකුත් විග්නේශ්වරන්හට එකී පණිවිඩය ලබා දීමට අවස්ථාවක් ලදහොත් අවසන් වශයෙන් ඔහුගේ දරුවන් මෙන් ජාති ආගම් පසෙක ලා සහයෝගයෙන් ජීවත් වීමට ලාංකීය භූමියේ බෝහෝ වැසියන් අපේක්ෂාවෙන් සිටිනබව පවසන්න.

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි