නවතම පුවත්

මෙරට කොවිඩ් ආසාදිතයන් අතරේ විදේශයෙන් ආ 7000ක්

අසංක

අසංක

මෙතෙක් මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ්- 19 වෛරස ආසාදිතවූවන් අතර විදේශවලින් පැමිණි ආසාදිතයන් 7181දෙන‍ෙක් ඊයේ වන විට වාර්තා වී තිබේ.

ඒ අතර විදේශිකයන් 328 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

 

මෙරටින් කොවිඩ් ආසාදිතයන් 468,899 දෙනෙක් ඊයේ (06) වන විට හදුනාගෙන තිබේ.

රජයේ අංශයේ රෝහල්වලට වාර්තා වන COVID-19 ධනාත්මක අනුපාතය: 2021

 

ඒ අතර නාවික හමුදා සාමාජිකයින් 950 ක්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 651 ක් ලෙසින් සහ මිනුවන්ගොඩ පොකුරෙන් 3059 දෙනෙක්, පෑලියගොඩ සහ වරාය පොකුරෙන් 82785 දෙනෙක් බන්ධනාගාර පොකුරෙන් 8250 දෙනෙක් සහ වෙනත් ලෙස වෙන්කරන ලද 313 දෙනෙක් වශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් හමුවී තිබේ. මේ හැරුණු කොට ලක්ෂ තුනහාමාරකට අධික කොවිඩ් වෛරසය ආසාදිතයින් හමුවී ඇත්තේ අලුත් අවුරුදු පොකුරෙනි. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන ආකාරයට අනුව මේ වන විට හදුනා ගන්නා සෑම ආසාදිතයෙක්ම සදහන් වන්නේ අලුත් අවුරුදු පොකුර ලෙසිණි.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන ආකාරයට අනුව පළමු කොවිඩ් රැල්ලේදී පී.සී.ආර්. මගින් ආසාදිතයන් 523 දෙනෙක් හදුනා ගන්නා අතර දෙවැනි කොවිඩ් රැල්ලේදී පී.සී.ආර්. මගින් හදුනා ගන්නා ආසාදිතයන් ගණන 89626 දෙනෙකි. මේ වන විට පවතින්නේ තුන්වැනි කොවිඩ් රැල්ලය.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තයන්ට අනුව මෙතෙක් මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් හදුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි. දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතින් වන අතර ඊට පසු වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ මධ්‍යම පළාතිනි. වයඹ සහ සබරගමුව පළාත් වලින් කොවිඩ් ආසාදිතයන් ඊට පසු පිළිවෙලින් වාර්තාවන අතර අඩුම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්තාවන්නේ උතුරු මැද පළාතිනි. ඊට පසු අඩුම ආසාදිතයන් ගණනක් වාර්තතා වන්නේ ඌව පළාතිනි. මෙම පළාත්වලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 20,000 කට අඩු ප්‍රමාණයකි. අඩුම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලිනි. එම ගණන 2000 කට අඩුය. කොවිඩ් පළමු රැල්ලේදී මෙම දිස්ත්‍රික්කවලින් කිසිදු කොවිඩ් ආසාදිිතයෙක් වාර්තා නොවූ අතර දෙවැනි රැල්ලේදී මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 278 දෙනෙක්ද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 379 දෙනෙක්ද වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්