නවතම පුවත්

මෙරට විශාලතම සිමෙන්ති කම්හල , ලබන මසදී විවෘතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව එළඹෙන මාර්තු මාසයේදී   විවෘත වීමට නියමිතය .

ලංවා සංස්ථා සිමෙන්ති සමාගමට අයත් මෙම කර්මාන්තශාලාව හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකර ඇති අතර , එය ලබන මාර්තු මස 07 දින විවෘත කිරීමට දැනට සැලසුම් කර ඇති බව එම සමාගමේ  ප්‍රධාන විධායක  නිලධාරී  තුසිත ගුණවර්ධන මහතා පවසයි .

මෙම කර්මාන්තශාලාව විවෘතවීමත් සමග දැනට රට තුල පවතින සිමෙන්ති හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද  පිළිතුරක් ලැබෙනු ඇති බවත් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය .

, වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්‍ෂ 28 ක් , එනම්  සිමෙන්ති කොට්ට මිලියන 76ක් අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට මෙම කර්මාන්තශාලාවට හැකි බවද  ඔහු පැවසීය .

දැනට මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැයවී ඇති අතර . ලොව ඉහළම තාක්‍ෂණය භාවිතා කර සම්පූර්ණ ස්වයංක්‍රීය කර්මාන්තශාලාවක් ලෙස මෙය ඉදිකර ඇති බවත් ගුණවර්ධන මහතා පැවසීය .

මේ පිළිබඳව වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

දැනට මෙරට තුල නිෂ්පාදනය කරනු ලබන්නේ , මෙරට සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65% ප්‍රමාණයක් පමණයි , නමුත් අපගේ කර්මාන්තශාලාව විවෘත කල පසු ,ඉතිරි 35% ක සිමෙන්ති ප්‍රමාණයත් මෙරටදීම නිපදවීමට හැකිවෙනවා. ඒ අනුව මෙරට අවශ්‍ය සම්පූර්ණ සිමෙන්ති ප්‍රමාණයම ම මෙරටදී නිපදව ගැනීමට හැකිවෙනවා . මෙය රටක් වශයෙන් ලබන විශේෂ ජයග්‍රහණයක් . මේ හරහා පිටරටට ඇදී  යන විශාල මුදලක් මෙරට තුලම  ඉතිරි කර ගත හැකියි .

මෙම  සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා පූර්ණ ආයෝජන දායකත්වය ලබාදී ඇත්තේ  ලංවා සමූහ ව්‍යාපාරය වන අතර , ඒ අනුව ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතනයක් සතු විශාලතම හා ප්‍රථම  සිමෙන්ති කර්මාන්තශාලාව ලෙසද මෙය ඉතිහාසයට එක්වේ .

 

 

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී