නවතම පුවත්

මෙරට සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීමක්

අසංක

අසංක

මෙරට සංචාරක ව්‍යාපාරය නව පිබිදීමක් මේ වන විට ඇති වෙමින් තිබේ.

ගිය වසරේ මෙරටට සංචාරකයින් 194,495 දෙනෙක් පැමිණ ඇති අතර එයින් සංචාරකයින් 89,506 දෙනෙක්ම පැමිණ ඇත්තේ දෙසැම්බර් මාසයේදීය.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණියේ සංචාරකයින් 393 දෙනෙක් පමණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණීයේ නැත. නමුත් එම වසරේ මුල පැමිණි සංචාරකයින් හේතුකොටගෙන එම වසරේ සංචාරකයින් පැමිණීම සටහන් වන්නේ 507,704 දෙනෙක් ලෙසිණි. 2021 වසරේදී ලක්ෂ දෙකක සංචාරකයින් පිරිසක්වත් නොපැමිණි නිසා සංචාරක කර්මාන්තය බරපතල ලෙස කඩා වැටීමකට ලක්විය. සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබෙන විදේශ විනිමයට පවා එය දැඩිව බලපෑවේය.

2020 වර්ෂයේ ජනවාරි මාසයේ සංචාරකයින් 228,434 ‍දෙනෙක්ද, පෙබරවාරි මාසයේදී සංචාරකයින් 207,507 දෙනෙක්ද මෙරටට පැමිණි ඇත. මාර්තු මාසයේ එම ගණණ 71,370 ක් දක්වා අඩුවිය.

ගෙවී ගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැමිණි සංචාරකයින්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ යුරෝපයෙනි. එම ගණණ 48,704 දෙනෙකි. ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවලින් ඊට පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එම ගණන 33,268 දෙනෙකි.

තනි රටක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ගණණ 23,566 දෙනෙකි. ඊට පසු වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ගණන 10,793 දෙනෙකි. එක්සත් රාජධානියෙන්ද සංචාරකයින් 8493 දෙනෙක් පැමිණ ඇති අතර දෙසැම්බර් මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි තෙවැනි රට වන්නේ එයයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ මෙම වසරේ ඉලක්කය වී ඇත්තේ දිනකට සංචාරකයින් 5000 ක් මෙරටට ගෙන්වා ගැනීමය. මෙම ජනවාරි මාසයේදී එම ඉලක්කයට සංචාරක සංවර්ධන අධිකාරිය ළගාවෙමින් සිටින අතර ලබන අප්‍රේල් මාසය වන විට එම ඉලක්කයද පසු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි