නවතම පුවත්

මෙරට ළමුන්ගෙන් හරි අඩකටම මානුෂීය ආධාර අවශ්‍යයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශී‍්‍ර ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ළමුන් මිලියන 1.7 කගේ හදිසි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (unicef) ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක ආධාර ඉල්ලා සිටී.

ශී‍්‍ර ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සියළුම අංශ දුර්වල වෙමින් පවතී. ඒ නිසා රටේ ජීවත්වන දරුවන්ගෙන් භාගයකට ආසන්න ප‍්‍රමාණයකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍යවන තත්වයක් උදාවී ඇත.

ඉදිරි මාස හතර තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනයේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන් විසින් ආධාර ඉල්ලා ඇත. ඉදිරි මාස හත තුළ දරුවන්ගේ ඉහළ යන අවශ්‍යතාවලට ප‍්‍රතිචාර දැක්වීම ඉහළ නැංවීම සඳහා අද දිනයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.3 ක ආධාර ඉල්ලා සිටී. මෙම අරමුදල්, අවදානමට ලක් විය හැකි ශී‍්‍ර ලාංකික දරුවන් මිලියන 1.7කගේ ජීවිත බේරා ගැනිම මෙන්ම ඔවුන්ගේ පෝෂණය, සෞඛ්‍ය ආරක්‍ෂණය, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඉවහල්වනු ඇත.

”වත්මන් අර්බුදය මගින් තමන්ට දැරිය හැකි සීමාවන්ගේ අන්තයටම පවුල් ඇද දමා ඇත” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා පැවසුවේය. ”දරුවෝ් අසරණව කුසගින්නේ නින්දට යති. බොහෝ දරුවන් නිතිපතා පාසල් නොයන අතර, රෝහල්වල ළමුන්ට සහ ගැබිණි මාතාවන්ට අවශ්‍ය ඖෂධ ඇතුඵ බොහෝ ඖෂධ සීඝ‍්‍රයෙන් අවසන් වෙමින් පවතී. අප වහාම කි‍්‍රයාත්මක නොවන්නේ නම් අසරණ බවට පත්ව ඇති පිරිමි සහ ගැහැණු ළමුන්ට තමන් විසින් නිර්මාණය නොකළ සහ තමන් වගකිව යුතු නැති අර්බුදයක් සඳහා ඉහළම වන්දියක්් ගෙවීමට සිදුවනු ඇතග”

වත්මන් අර්බුදයට පෙර සිටම, ළමා මන්දපෝෂණ අනුපාතය වැඩිම දකුණු ආසියානු රටවල් අතුරින් දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවූ අතර, සෑම ළදරුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුටම අවම අපේක්‍ෂිත පෝෂණ මට්ටමේ ආහාර වේලක් ලබාගත නොහැකි විය. ඉහළ යන ආහාර මිලත් සමගම, පවුල් ඒකක වලින් 70%ක් දැන් ආහාර පරිභෝජනය අඩුකර ඇති බව වාර්තා කර ඇති අතර, ඉන්ධන අර්බුදය හා නිරන්තර විදුලිය ඇනහිටීම් නිසා සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතු`ඵ ළමුන්ගේ අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණවී ඇත. පිරිසිදු පානීය ජලය මෙන්ම නිවසේ භාවිතය සඳහා සුරක්ෂිත ජලය සඳහා ප‍්‍රවේශය අඩුවෙමින් පවතින අතර එමඟින් ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.

ර්‍ණදුගී භාවය, කොවිඞ්-19 ගෝලීය වසංගතය සහ නැවත නැවතත් ඇතිවූ දේශගුණික ව්‍යසනයන්ගේ විෂම සංයෝගයන්ට මුහුණ දීම නිසා ශී‍්‍ර ලංකාවේ වඩාත්ම අසරණවී සිටින බොහෝ පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් වත්මන් අර්බුදය මගින් අසමාන වූ බලපෑමකට ලක් කර ඇත”, යනුවෙන් පැවසූ ස්කූග් මහතා, මෙසේද සඳහන් කළේය, ර්‍ණඑක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිය මානුෂීය ආයාචනය තුලින් පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ දරුවන්ට සහයෝගය දක්වන ලෙසයි. එක්වී කටයුතු කිරීමෙන්, වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ දරුවන් වෙනුවෙන් අප අත්කරගත් දියුණුව ස්ථිරවම ගිලිහී නොයන බව අපට සහතික කළ හැකි වෙනවා.”

ළමුන් සඳහා වන අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පහත සඳහන් කි‍්‍රයාකාරකම් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සැලසුම් කර ඇත:

*උග‍්‍ර මන්දපෝෂණයෙන් දරුණු ලෙස පෙලෙන ළමුන් 56,000 කට ප‍්‍රතිකාර ලබා දීම
*පාසල් ආහාර වැඩසටහන් තුලින් තරුණ දරුවන් 100,000 කට සහන සැලසීම
*එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහයෝගය ලැබෙන පහසුකම් තුලින් ළමුන් සහ කාන්තාවන් මිලියන 1.2 කට ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ලබාදීම
*පවුල් මිලියන 1.5 කට පිරිසිදු පානීය ජලය සහ ගෙදරෙදාර අවශ්‍යතා සඳහා සුරක්‍ෂිත ජලය සැපයීමත
*ගැහැණු ළමුන් සහ කාන්තාවන් 2,500ක් සඳහා ඔසප්වීම හා සම්බන්ධ සනීපාරක්‍ෂක කළමනාකරණ සේවාවන් සැපයීමත
*ළමුන්, දෙමාපියන් /රැකබලාගන්නන් 984,000 ක් සඳහා මානසික සෞඛ්‍ය සේවා සහ මනෝ-සමාජීය සහයෝගය ලබා දීමත
*ළමුන් 665,700 ක් සඳහා මුල් ළමා විය ඉගෙනීම ඇතුඵව විධිමත් හෝ අවිධිමත් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව සහතික කිරීමත සහ, *අවදානමට ලක්විය හැකි නිවාස ඒකක 122,000කට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් ආධාර ලබා දීම.

ශී‍්‍ර ලංකාව තුළ වසර 50 කට වැඩි ක්‍ෂේත‍්‍ර කි‍්‍රයාකාරකම් සහ දිවයින පුරා විසිරී සිටින හවුල්කරුවන්ගේ ජාලයක් සමග, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ජීවිත බේරා ගැනීමේ සහ අර්බුදයේ වඩාත් විනාශකාරී බලපෑම්වලින් ළමුන් බේරා ගැනීම සනාථ කර ගැනීමේ බිම් මට්ටමේ ප‍්‍රයත්නයන්ට නායකත්වය සපයනු ලැබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී