නවතම පුවත්

මෙවර ජාතික මානව සම්පත් සමුළුව සැප්තැම්බරයේ කොළඹදී

අසංක

අසංක

ජාතික මානව සම්පත් සමුළුව, එළඹෙන සැප්තැම්බර් මස 17 සහ 18 යන දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

‘ගැඹුරින් ප්‍රති නිර්මිත යථාර්තය’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා මානව සම්පත් කළමනාකරණය පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයින් හා විද්වතුන් විසින් පවත්වනු ලබන ප්‍රධාන දේශන ඇතුලත් වී ඇත.

මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශියන්හි නියෝජිතයින් 1200කට අධික පිරිසක් සහභාගී වීමට අපේක්ෂිතය. “නව යුගයක් සඳහා මානව සම්පත් මහා ප්‍රවණතා” යන මාතෘකාව යටතේ එක්සත් රාජධානියේ ගෝලීය මානව සම්පත් කළමනාකරණ (WFPMA) සම්මේලනයෙහි මහා ලේකම් මහා බ්‍රිතානයේ බ්‍රිස්ටල්හි බොබ් මෝර්ටන් විසින් සමාරම්භක දේශනය පවත්වයි.

ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයට වරලත් තත්වය පිරි නැමීමෙන් පසු පවත්වනු ලබන ප්‍රථම මානව සම්පත් මහා සමුළුව වීම මෙහි විශේෂත්වය වන අතර . CIPM ආයතනය මෙහි සංවිධාන කටයුතු සිදුකරයි.

පෙරළකාරී නව තාක්ෂණය හා ජිවන රටාවන්හි වෙනස් වීම්, ව්‍යාපාරික ලෝකයේ මුලිකව සිදුවන වෙනස්වීම් සඳහා බලපාන ආකාරය මෙම සමුළුවෙහි සංවාදයට භාජනය වේ.

2019 සැප්තැම්බර් 17 වැනි දින සහභාගී වන්නන් ලියා පදිංචි වූ වහාම මානව සම්පත් කළමනාකරණයේ විශිෂ්ඨ භාවිතා පිළිබඳව විවාදය (Great HR Debate) පෙ. ව 9.00 ආරම්භ වන අතර එදින පස්වරු 1.30 ට සමුළුවෙහි ආරම්භක සැසිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විශිෂ්ට මානව සම්පත් භාවිතා (Great HR Practices) පිළිබඳව වැඩසටහනෙන් ජයගත් සංවිධාන විසින් විශිෂ්ට මානව සම්පත් භාවිතා පිළිබඳව එම ආයතන වල අත්දැකීම් ඉදිරිපත් කරයි.

ජයග්‍රාහී සංවිධාන විශිෂ්ට මානව සම්පත් භාවිතා කරමින් එම ආයතන වල අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා දායකත්වය ලබා දුන් ආකාරය සාකච්ඡාවට භාජනය කරයි.

මෙම ඉදිරිපත් කිරීම් මානව සම්පත් උපදේශක රාජී රවිචන්ද්‍රන් මිය විසින් සම්බන්ධීකරණය කරයි. ඉන්පසු විශිෂ්ට මානව සම්පත් භාවිතා පිළිබඳව අවසන් තරඟය පැවැත්වෙන අතර එම වැඩසටහන Group Captain මනෝජ් කැප්පෙටිපොල මහතා විසින් සම්බන්ධීකරණය කරයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි