නවතම පුවත්

මේ ආණ්ඩුව ඇවිත් කුරුණෑගලට කරපු ලොකුම වින්නැහිය හයිවේ එක හැදුවේ නැති එක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුරුණෑගලට එන්න පැය තුනහමාරක් ගතවු බවත්  අපි හදපු හයිවේ එක හැදුවා නම් පැයෙන් එමට හැකියාව ඇති  බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (2)  කුරුණෑගල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහා සම්මේලනයට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා, “මේ ආණ්ඩුව ඇවිත් කුරුණෑගලට කරපු ලොකුම වින්නැහිය හයිවේ එක හැදුවේ නැති එකයි, වාරි මාර්ග ක‍්‍රමය කි‍්‍රයාත්මක නොකිරීමයි. ගමන් පහුසුව නැති වුනා වගේම එක පැත්තකට වතුර නැති වුනා. ගොවි ජනතාව වැඩි ප‍්‍රමාණයක් කුරුණෑගල සිටින නිසා මේක කුරුණෑගල ජනතාවට කරපු අපරාධයක්. මේවා ගැන හිතන්න අපිට කාලය ඇවිත්.

අද එජාපයේ අය අතරම ගැටුමක්. අපේ පැත්තේ, පක්ෂ නායකයෝ එකතු වෙලා යෝජනා කරපු පුද්ගලයා අපි අපේක්ෂකයා විදියට නම් කළා. අද එජාපයේ ගැටුම ගමට ඇතුළු වෙලා. මට අපේක්ෂකකම දීපන් කියලා පක්ෂ නායකත්වයට බල කිරීමක් සිද්ධ වුණේ ් පළමු වතාවට. මේ නිසා අද එජාපය කැඩිලා. දැන් ඔවුන් සූදානම් වෙන්නේ පෝස්ටර් කැම්පේන් එකක් කරන්න. ජේ. වී. පී එකෙන් පෝස්ටර් ටික ගහලා දෙනවා.

අගමැති ජනාධිපති මත දෙකක ඉන්න කොට රට පාලනය කරන්න බැහැ. අපිට ගහන්න ගෙනාව සංශෝධනය  නිසා රටට වැඩක් කරන්න බැරි වුණාග රටේ කිසිම සංවර්ධනයක් ඇති නොවුණේ් මේ නිසයි. මුළු  කාලයම දේශපාලන හතුරාගෙන් පිළිගන්නේ කොහොමද කියලා හෙව්වා. අද සොලිසිටර් ජෙනරාල්වරු දෙන්නෙක් දේශපාලන බලපෑම් මත ගෝඨාභය රාජපක්ෂට නඩු දැම්ම බව සඳහන් කර තිබෙනවා. දැන් මේ චෝදනාව ගැන පරීක්ෂණයක් කළ යුතුයි. සුහද ගම්ලත් මහතා පැහැදිලිව චෝදනාව ඉදිරිපත් කරනවා.

ගම්ලත් මහතා රස්සාවෙන් අස් කරන්නත් අනිත් කෙනාගේ වැඩ තහනම් කරන්නත් අවධානය යොමු කළාට මේ සිද්ධීය ගැන සොයා බලන්න අවධානය යොමු වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුව හරහා පරික්ෂණයක් පවත්වන්නැයි කියා සිටිනවා. එය අනිවාර්යයෙන් කළ යුතුයි. මේ විදියට රාජ්‍ය නිලධාරීන්ව අරලිය ගහ මන්දිරයට ගෙනත් නිත්‍යානුුකූල නොවන කොමිටියක් හදාගෙන ඒකට තමන්ගේ හිතවතුන් දාගෙන කරපු විගඩම, අපරාධයක්. බොරු නඩුවක් නිසා දවසකට හරි දඬුවමක් විදිනවා නම් අපරාධයක්. ඒ නිසයි පොලීසියට නීතිපති දෙපාර්තමේන්තුවට ඔප්පු කිරීමේ භාරය දීලා තියෙන්නෙ. අද මේ ආණ්ඩුව වගේ එෆ්. සී. අයි. ඩි ය යොදාගෙන දේශපාලන හතුරා ඉවත් කිරීමට වෙන ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සල්ලි මිටි ගෙනියපු ප්‍රේමදාස  පවුලේ අයගෙන් අපි පළිගන්න ගියේ නැහැ. ජම්පර් අදින්න කතා කරපු අයට තව පොඩ්ඩෙන් මේ ආණ්ඩුව කාලෙම ජම්පරේ අඳින්න සිදුවෙනවා” යැයි ඔහු පැවසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී