නවතම පුවත්

මේ උත්සව සමයේ “කෝවිඩ්” නිවාඩු යන්නේ නැත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෙනදාට මෙල්බන් නගරයේ ආගමික සිද්ධස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන පාස්කු ඉරු දින දේව මෙහෙය සිව්කොණ කොලම ලියන මොහොතේ සිදු වන්නේ බැතිමතුන්ගෙන් ශුණ්‍ය වූ දේවස්ථානයන්හි සිට අන්තර්ජාලය මගින් හා රූපවාහිනි නාලිකා ඔස්සේ පමණි. මෙම තත්ත්වය මෙල්බන් නගර වාසීන්හට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු වැසියනටම සුවිශේෂී තත්ත්වයකි. අතිශය සමාජශීලි ඔස්ට්‍රේලියානුවන් කිසිදාක පාස්කු දේව මෙහෙය මෙන්ම පාස්කු සති අන්ත නිවාඩුව සිය නිවෙස්වලට කොටුවී මෙසේ අලස ලෙස ගෙවා දමා නොමැත. මෙය ඔස්ට්‍රේලියානුවන්ට පමණක් නොව මේ මොහොත වනවිට ලෝවාසි බොහෝ වැසියනට පොදු තත්ත්වයකි. එයට හේතුව අන් කවරක්වත් නොව කෝවිඩ් -19 වෛරසයේ පාලනය කළ නොහැකි ව්‍යප්තියයි.

මෙවර සිව්කොණ කොලම ඔබ අතට පත්වනවිට ලක්වාසි ඔබ නිවෙසට කොටුවී පරණ අවුරුද්ද ගෙවා අලුත් අවුරුද්දට සූදානම් වනබැව් අපි දනිමු. සහරාන්ලාගේ බෝම්බයෙන් සුන් වී ගිය පසුගිය වසර මෙන් නොව මෙවරවත් අලුත් අවුරුදු සතුටින් සමරන්නට ඔබ පෙරුම් පිරූ ඔබ නොරහසකි.

ඔබ පසුගියදා නිවසට කොටුවී අවුරුදු කැවිලි මේසයට කැවුම් කොකිස් වෙනුවට සහල් සේරුවක්, ටින් මාළු හා තවත් අඩුම කුඩුම ටිකක් මල්ලට දමාගෙන එන්නට හන්දියේ කඩයට දිවගියේ ඇදිරි නීතිය ඉවත් කරනතුරු මාන බලාය.

ස්වභාවධර්මය හරිම අමුතුය, සංකල්පයක් ලෙස ගත් කල සංකීර්ණය, නමුත් සරලාර්ථයෙන් ගතහොත් අප ස්වභාවධර්මයේ මාතාවට දෙස හිත හොදින් බලන කල ඇයද පෙරළා අප සනසන්නීය. මේ මොහොතේ ඇය අපව බලහත්කාරයෙන් ගේ මුල්ලට සිර කොට දිනය පුරාවට අපහට මෙනෙහි කරවන්නේ දියුණු මනසක් ඇති මානවයා නූතනත්වය නම් උරචක්‍රය කරේ හොවාගෙන ඇය ඉදිරියේ නැටුවා වැඩියි යන්නය.

කොටින්ම මානවයා ගේ මුල්ලේ සිර වූ කල ස්වභාවධර්මයේ මාතාව හට ආග්‍රහණය කිරීමට පිරිසිදු වාතය ඇත, පිරිසිදු ජලය ඇත. වැඩි කලක් නොව තවත් ටික කලක් ඇතැම් විට තවත් මාස කිහිපයක් ඇය මානවයා සිරකොට බලහත්කාරයෙන් හෝ මෙකී පහස විදිනු ඇත. මක් නිසාද යත් මානවයා නිදහස් වූ දින සිට ඇයට මෙම සතුට අහිමිව යන බැවිනි.

ස්වභාව ධර්මයේ මාතාව මානවයා සමග තරහක් මිස වෛරයක් නැති බැව් අපි දනිමු, එබැවින් මානවයා සිර කිරීමට ඇය විසින් බිහි කළ කෝවිඩ් 19 වෛරසය මනු ලොව ජනිත කරන්නේ ඒ සදහා එක් විසදුමක් ද සහිතවය එනම් මානව දුරස්ථභාවයයි. දුරස්ථභාවය රකින්නන් රැකෙන්නටත්, එය නොසලකන්නන් නැසෙන්නටත් යන්නේ ක්ෂණයකි. එබැවින් දියුණු මනසැති මානවයා මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. ඒ සදහා සරළම විසදුම වන්නේ නිවෙසට වී සිටීමයි.

අප තරයේ සිහි තබා ගතයුතු වන්නේ, අප්‍රේල් මස ලොවටම නිවාඩු සමයක් වුවද කොවිඩ්-19 වෛරසය යනු රජයේ නිවාඩු දිනයකදී වුවද නිවාඩු නොබලා රාජකාරිය තිතටම ඉටු කරන්නෙකු බවය. අප විසින් නිවෙසට කොටු වී ගන්නා තාවකාලික දිගු නිවාඩුව මගින් කෝවිඩ් මාරයා සදහටම පරාජය කළ හැකිය. එබැවින් මේ අලුත් අවුරුදු සමයේ අප හැගුම් බර නොවී බුද්ධියට මුල් තැන දී කටයුතු කළයුතු මොහොතක් බැවු නැවත නැවතත් සිහියේ තබාගෙන කටයුතු කළ යුතුය.

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි