නවතම පුවත්

මේ දිනවල ලංකාවට යන්න එපා- UAE අනතුරු අගවයි

අසංක

අසංක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයන් අත්‍යාවශ්‍ය කරුණක් හැරෙන්නට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

කොළඹ පිහිටි එක්සත් අරාබි එමීරයේ තානාපති කාර්යාලයේ නිල සමාජ ජාල ගිණුම් මගින් ද ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස සංචාරක අනතුරු ඇගවීම එමගින් නිකුත් කර ඇත්තේ ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉතා ආසන්නව තිබියදීයි.

මේ වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙවැනි මැතිවරණයක් පවත්වන විට ආරක්ෂක ගැටලුවලට වැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් මෙලෙස සංචාරක අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

මෙරටට පැමිණෙන සෑම එක්සත් අරාබියේ පුරවැසියකුම වෙනම ලියාපදිංචි විය යුතු බවත් කිසියම් ගැටලුවක් වෙතොත් 0094112301601 දුරකතන අංකයට අමතන ලෙස ස තානාපති කාර්යාලය දැනුම් දෙයි.

එම ප්‍රහාර එල්ල කළ දා සිටම එක්සත් අරාබි එමීරය මෙරට සංචාරය පිළිබද දිගින් දිගටම අනතුරු ඇගවීමට කටයුතු කර ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී