නවතම පුවත්

මේ වසරේ කොවිඩ් අතරේ සංචාරකයන්ගේ ආගමනය

අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය මුළු ලොවක්ම වෙලාගෙන සිටින අවස්ථාවකදී මෙරටට පසුගිය ජූලි මාසයේදී විදේශිකයන් සංචාරකයින් ලෙස 2,429 දෙනෙක් පැමිණ ඇත.

ඒ සංචාරකයින් පිරිසද සමඟ මෙම වසරේ ගෙවී ගිය කාලවකවානුව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 19,337 දෙනෙකි.

2020 වසරේ ජනවාරි මාසයේදීත් පෙබරවාරි මාසයේදීත් ලක්ෂ 02 ක් ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණියද මාර්තු මාසයේදී වසංගත ව්‍යාප්තියත් සමග සංචාරකයින් පැමිණි පිරිස 71,370 ක් දක්වා පහළ බැස්සේය. අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් දක්වා කිසිදු සංචාරකයෙක් මෙරටට නොපැමිණෙන අතර දෙසැම්බර් මාසයේදී පැමිණි සංචාරකයින් ගණන 393 දෙනෙකි. කෙසේ වෙතත් 2020 වසරේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන දැක්වෙන්නේ 507,311 ක් ලෙසිණි.

මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 දෙනෙක් පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී තුන්දහසද, මාර්තු සහ අප්‍රේල් මාසවලදී හාරදහස ද ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණියද මැයි සහ ජූනි මාසවලදී මෙරටට පැමිණී සංචාරකයින් ගණන දැක්වෙන්නේ දෙදහසකට අඩු ගණනකි.

ඒ අනුව පෙනී යන්නේ ජුලි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම සුළු වැඩිවීමක් සිදුව ඇති බවකි.

මේ වසරේ ජුලි මාසයේ සංචාරකයන්ගේ පැමිණීම

කසකස්තානය, යුක්රේනය, ජර්මනිය, චීනය සහ එක්සත් රාජධානිය මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉහළම ජාත්‍යන්තර සංචාරක උත්පාදන වෙළෙඳපොළ පහ විය.

2021 ජනවාරි සිට ජූලි දක්වා මුළු පැමිණීම් වර්‍ධනය

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්