නවතම පුවත්

‘මේ සම්මානය අයිති මට නෙවෙයි , මගේ රටටයි’ – නිරංජනී ශන්මුගරාජා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ BAYELSA අන්තර්ජාතික සිනමා උළෙලේදී (Bayelsa IFF) එහි විශිෂ්ඨතම  සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික සිනමාවේදී  සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ  “සුනාමි” චිත්‍රපටය සමත්වී ඇත.

ඒ අනුව එම  උළෙලේ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශන්මුගරාජාත්   ,”හොඳම අධ්‍යක්ෂක” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකත්  දිනාගෙන ඇත .

රටවල් 86 කට  අයත් චිත්‍රපට 1300ක් මෙම උළෙලට ඉදිරිපත් කර තුබූ බවට වාර්තා වන අතර . මෙහිදී හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂක යන සම්මාන ද්විත්වයට අමතරව වසරේ චිත්‍රපටය, හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම නළුවා (දර්ශන් ධර්මරාජ්), හොඳම සහාය නළුවා (බිමල් ජයකොඩි), හොඳම කැමරාකරණය (විශ්වා බාලසූරිය), හොඳම ළමා රංගනය (මෙනාරා වීරතුංග), ජනප්‍රියම නිළිය (හිමාලි සයුරංගි) යන සම්මාන සඳහා නිර්දේශිත නාම (Nominations) අතරට එක්වීමටද සුනාමි චිත්‍රපටය සමත් විය.

 

 

තම ජයග්‍රහණය පිළිබඳව අප වෙබ් අඩවියට අදහස් දක්වමින් සිනමා නිලි නිරංජනී ශන්මුගරාජා පැවසුවේ මෙම සම්මානය තමන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවය  . ඒ අනුව තමා  මෙම සම්මානය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව  වෙත පුද කරන බවද ඇය පැවසුවාය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය ,

” මේ සම්මානය මට විතරක් අයිති එකක් නොවේ . මේක මුළු රටටම අයිති දෙයක් , ඒ නිසාම මම  මේ සම්මානය මගේ රටටත් , ජනතාවටත් පුදකරනවා. රටවල් 86ක සිනමා නිර්මාණ 1300ක් අතරින් මෙවැනි සම්මානයන්   ලබාගැනීමට සුනාමි චිත්‍රපටයට  හැකිවීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක් . මට මේ ජයග්‍රහණය ලබාගැනීමට උදව් කල හැමදෙනාටම මගේ හදපිරි ආදරය , ගෞරවය පිරිනමන්න කැමතියි .

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සිනමාපටය නැරඹීමට මෙරට රසිකයින්ට මග ඇහිරුණු බවත් ඒ අනුව නැවත වරක් මෙම ‘සුනාමී ” සම්මානනීය සිනමා පටය මේර තුල තිරගත කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇය මෙහිදී අනාවරණය කලාය . ඒ අනුව ලනගදීම නැවතවරක් එම සිනමාපටය නැරඹීමේ හැකියාව මෙරට සිනමාලොලීන්ට ලැබෙනු ඇත . .

සුනාමි” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නිරංජනී ශංමුගරාජා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර භූතානයේ DERK අන්තර්ජාතික සිනමා උළෙලේදී (2019-දෙසැම්බර් අදියර) “Outstanding Achievement Award for Best Actress” යන සම්මානයට ඇය හිමිකම් කීවාය.

එසේම “සුනාමි” චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යය වෙනුවෙන් සෝමරත්න දිසානායක ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ තෙවෙනි අවස්ථාව BAYELSA සිනමා උළෙලේදී සටහන් විය. මීට පෙර භූතානයේ DERK (2019 දෙසැම්බර් අදියර) සහ ඉන්දියාවේ මූන්වයිට් (2020) යන සිනමා උළෙලවලදී ඔහු ඇගයීමට ලක්විය. මෙම සම්මාන ද්විත්වයත් සමග “සුනාමි”  මේ දක්වා ලබා ඇති ජාත්නතර ඇගයීම් සංඛ්‍යාව 09 කි. ‍

 

 

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි