නවතම පුවත්

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 35ක් වංචා කරලා , කෝටි පහකට වඩා පාඩුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය. ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ ආචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපියල් 23,190,595ක් බවද එහිදී හෙළිදරව් විය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ ආචාර්යවරුන්ගෙන් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම පිළිබඳ සඳහන් කළ උපකුලපතිවරයා පැවසුවේ ඉහත සංඛ්‍යාවෙන් 05ක් දැනට අය කරගෙන ඇති බවත්, 12ක් වාරික වශයෙන් අයකර ගැනිමට කටයුතු කරන අතර 11ක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය. මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය කිරිම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි