නවතම පුවත්

මෝඩයාගෙ දිනයෙ පටන්ගත් ජපානෙ අලුත් රජසමය

අසංක

අසංක

නුවන් ධනුෂ්ක

මකායා – ජපානයේ සිට

ජපානය අලුත් මූල්‍ය වසරක් අරඹන්නේ සෑම වසරකම අප්‍රියල් 1 වැනිදාය.ඉදිරි වසර සඳහා අලුත් මූල්‍ය වසර ඊයේ ඇරඹිණි.එය පෙර වසරවල් වලට වඩා සුවිශේෂී වූ කරුණක් විය.එනම් වසර 31 ක් සිහසුනට උරුමකම් කී රජකු තම 31 වසරක් හිස පළඳා සිටි ඔටුන්න ගලවා තම පුතුගේ හිස මත පැළඳීමයි.

ජපානයේ පාලනය කරන්නේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් වුවද,ඉතිහාසයේ සිටම රජ පෙළපතක් පැවත එනු ලබයි.හිස පළන් ඔටුන්න තව හිසක් මතට වැටෙන්නේ කිරුළු පලන් රජු මියගියහොත් සහ වයසට පත් වූ අවස්ථාවකය.මෙවර එය වෙනස් වූයේ රජු වයෝවෘද්ද තත්වයට පත් වූ නිසාය.

ඒ ඒ රජු රජකම් කරන කාල සීමාව එක් එක් නම් වලින් හැඳින්වීම සිරිතයි.ඒ අනුව ඊයේන් අවසන් වූ අවු 31 ක ඒ රජුගේ කාල සීම හැඳින්වූයේ හෙයිසෙයි යන නමිනි.ඔහු රාජ්‍යත්වය කර ගසන්නේ 1989 දීය.එතැන් සිට 2019 දක්වා අවු 31 ක් රජකමට උරුම කීය.

ඊට පෙර රජ සමය ෂෝව නමින් හැඳින්විය.ඒ රජුගේ රාජ්‍ය කාලය අවු 64 ක් තරම් දිගු එකක් විය.එනම් 1926 සිට 1989 දක්වා රජකම් කළහ.ඊට පෙර රජ සමය තයිශෝ නමින් හැඳින්විය.එය වසර 15කට සීමා විය.

ජපානයේ ඒ ඒ රජ සමය අනුව ඒ ඒ කාලය වෙනම නමකින් හඳුන්වනවා සේම වර්ශ ලියන කියන විට ක්‍රම දෙකක් පවතී.එකක් සාමාන්‍ය පිලිගත් ක්‍රමයයි.උදාහරණයක් ලෙසට 2019/03/31 සාමන්‍ය ක්‍රමයට එසේ ලිව්වත් මෙය ජපන් ක්‍රමයේදී හෙයිසෙයි 31/03/31 ලෙස ලියනු ලබයි.හෙයිසෙයි ලෙස හඳුන්වන්නේ මේ මස 30 න් අවසන් වන රාජ්‍ය කාලය හැඳින්වීමට භාවිතා කෙරුණු නමවේ.1989/03/31 ලිවීමට අවශ්‍ය වූයේ නම් ජපන් ක්‍රමයට එය ලියනු ලබන්නේ හෙයිසෙයි 1/03/31 ලෙසය.එයට හේතුව වන්නේ හෙයිසෙයි රාජ්‍ය කාලය ඇරඹෙන්නේ එම වරශයේ සිට නිසාය.

ඊට පෙර පැවති රාජ්‍ය සමය ෂෝව නම් විය.එය ආරම්භ වූයේ 1926 දීය .1926/03/31 ජපන් ක්‍රමයට ලියනු ලබන්නේ ශෝව 1/03/31 ලෙසය.1989 යනු එම රජුගේ අවසන් රාජ්‍ය වර්ශයයි.ජපන් ක්‍රමයට අනුව එම වර්ශය ෂෝව 64 ලෙස නම් ලියවේ.
ඊයේ (4/1)හඳුන්වා දුන් අලුත් රාජ්‍ය සමය රෙයිව නම් විය.ඒ අනුව එය බලාත්මක වන්නේ ලබන මස 5/1 දින සිටය.2019/05/01 ජපන් ක්‍ර්මය අනුව රෙයිව 01/05/01 ලෙස ලියැවේ.

ඒ රාජ්‍ය සමය අවසන් වනතුරුව රෙයිව 1,2,3 ලෙස ඉදිරියට වර්ශ ගමන් කෙරේ.
මේ අනුව ජපානයේ දිගු වසර ගණනකින් පසුව රාජ්‍ය සමයක් අවසන් වීමත් නව රජු කෙනෙකුගේ සාම්ප්‍රාප්තියත් සිඳුවන දුර්ලභ අවස්ථාව ජපානයේ සිටම අත්විඳීමට අපට හැකිවීම සුවිශේෂීත්වයකි.


මේ තතු මා ඊයේ වනතුරු දැනන් හිටියේ නම් නැත.මුහුණු පොතේ හුවමාරු වූ පෝස්ට් දුටුවත් මට එය එතරම් පැහැදිලි මදි නිසා මා වේලාසන රාජකාරියට ගොස් වැඩපලේ දෙවැන්නාගෙන් එය විමසු විට ඔහු මට ලස්සනට පැහැදිලිව ඔෆිස් එකට ගෙනගොස් බෝඩ් එකේ ලිය ලියා පැහැදිලි කර දීමට කාරුණික විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්