නවතම පුවත්

මෝදිගේ නැගී සිටීම හා ගාන්ධිගේ ඇදවැටීම

අසංක

අසංක

ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල එක්තරා ආකාරයකින් පුදුමය දනවන සුළු එකකි. නරේන්ද්‍ර මොදී මහතාට ජය හිමිවනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂා කලද මෙතරම් විශාල බහුතරයඉන් ඔහුට ජයගැනීමට හැකිවනු ඇතැයි ඉන්දීය දේශපාලන විචාරකයින් පවා අනුමාන නොකළහ . 2014 මැතිවරණයේදී ලබගත්තාටද වඩා විශාල ජයක් මොදී මෙවර ලබාගෙන ඇත.මැතිවරණයට පෙර පැවති ජනමත විමසුම් බොහොමයකින් පවා පෙනී ගියී කොංග්‍රසයෙන් පාලක පක්ෂයට දැඩි බලපෑමක් එල්ල වනු ඈති බවකි. නමුත් එම අනාවැකි සියල්ල බොරු කරමින් , මෑත ඉතිහාසයේ ඉන්දියාවේ බිහිවූ වඩාත්ම ශක්තිමත්ම හා ජනප්‍රියම නායකයා තමා බව නරේන්ද්‍ර මොදී නැවත වරක් තහවුරු කර පෙන්වාදී ඇත.

තම පාලන කාලයේ මුල් අදියරේ කැපී පෙනෙන වැඩකොටසක් රට තුල ඉටු කරමින් තම ජනප්‍රියතාව තවදුරටත් තහවුරු කරගැනීමට මොදී ට හැකියාව ලැබුණු නමුත් පසුගිය 2018 වසරේ මද භාගය වනවිට අභියෝග රැසකටම මුහුණදීමට ඔහුට සිදුවිය . ඉන්දීය රුපියලේ කඩාවැටීම ඉන් ප්‍රධානතම අභියෝගයයි. . මේ හරහා ආර්ථික ගැටළු රැසකට මුහුණදීමට ඉන්දීය අගමැතිවරයාට සිදුවිය. විරැකියාව ඉහල යාමද මොදී මුහුණ දුන් තවත් අභියිගයක් විය . ඉන්දීය රාජ්‍ය වාර්තා අනුවම , 70 දශකයට පසු ඉන්දියාවේ වැඩිම විරැකියා ප්‍රතිශතයක් පෙන්නුම් කලේ පසුගිය වසර දෙක තුනක කාල සීමාව තුලය .

ආර්ථික වශයෙන් රට ගොඩගැනීම සඳහා නරේන්ද්‍ර මොදී දැවැන්ත වැඩසටහන් හඳුන්වාදීමට පියවරගත්තද . මෙම වසරේ මුල් භාගය දක්වාම ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී නොතිබිණ. ඒ අනුව 2019 මැතිවරණ වර්ෂයට මෝඩි ඇතුළුවන්නේ අභියෝග හා අර්බුද රැසක් සමගය . නමුත් එවැනි අර්බුද හා ගැටළු තිබියදී මොදී මෙතරම් විශාල ජයක් ලබාගත්තේ කෙසේද ?

ඉන්දීය දේශපාලන විචාරකයින් බොහෝ දෙනෙකු පවසන පරිදි ඊට හේතුව වී ඇත්තේ , මොදිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දීය ජාතික කොන්ග්‍රස් පක්ෂයේ පවතින දුර්වලතාවයන්ය . විශේහ්සයෙන්ම කොන්ග්‍රස් පක්ෂයේන් මොදී සමග තරඟ වැදුණු රාහුල් ගාන්ධි තවමත් ජාතික නායකයකු ලෙස තම ප්‍රතිරූපය ගොඩනගාගැනීමට අපොහොසත්ව ඇති බවද දේශපාලන විචාරකයින් පෙන්වාදෙ.

2014 වසරේ සිටම රාහුල් ගාන්ධි ගේ නායකත්වය යටතේ කොන්ග්‍රසය බරපතල කඩාවැටීමකට ලක්වෙමින් ඇත . 2014 මැතිවරණයේදී කොන්ග්‍රසයේ ආසනසංඛ්‍යාව 44 දක්වා පහල බැස්සේය . මෙවරද ඔවුනට මොදී හමුවේ ලැබී ඇත්තේ අන්ත පරාජයකි . ඒ අනුව ඉන්දියාවේ පැරණිතම හා ශක්තිමත්ම දේශපාලන පක්‍ෂය ලෙස කාලයක් පුරා වැජඹුණු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය අද පවතින්නේ ඉතාමත් දුර්වල තත්වයකි.

රට තුල තිබු ප්‍රශ්න , හා අර්බුද වලින් නිසි පරිදි දේශපාලන වාසි ලබාගැනීමටද කොන්ග්‍රස් පක්ෂයට නොහැකිවූයේ රාහුල් ගාන්ධි ගේ නොහැකියාව මත වන බවට මේ වනවිට පක්ෂයේම ඇතැම් පිරිස් චෝදනා නගමින් සිටී.රාහුල් ගාන්ධි නම් චරිතය මේ වනවිට දේශපාලන ආකර්ෂණයෙන් තොර චරිතයක් බවට පත්ව ඇති බවද මේ වනවිට බොහෝ දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත. නරේන්ද්‍ර මෝදීට අභියෝග කල හැකි මට්ටමේ ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට ගාන්ධිට තවදුරටත් හැකියාවක් නොමැති බවද ඔවුන්ගේ අනුමානය වී ඇත.

එසේම රාහුල් ගාන්ධිගේ මැතිවරණ ව්‍යාපාරය හොඳින් විශ්ලේෂණය කර බලනවිට අපට පෙනීයන තවත් අඩුපාඩුවක් වන්නේ එහි නිශ්චිත අරමුණක් නොමැතිවීමයි. දේශපාලන ව්‍යාපාරයක් , පක්ෂයක් ජනතාව ඉදිරියට යාමේදී නිශ්චිත වැඩපිළිවෙලක් හා අරමුණක් සහිතව යා යුතුය. එසේම ඉදිරියට රට ගෙනයන දිශාව හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙන අකාරය පිළිබඳව නිසි දැක්මක් හා සැලසුමක් සහිත විය යුතුය . නමුත් කොංග්‍රසය සතුව ඒ කිසිවක් ඇති බවක් මෙවර මැතිවරණ ව්‍යාපාරය තුලදී දක්නට නොලැබුණි.

ජනතාවගේ ගැටළු නිවැරදිව හඳුනාගැනීමටද ගාන්ධි ප්‍රමුඛ කොන්ග්‍රසය අපොහොසත්ව ඇති බව මැතිවරණ ව්‍යාපාරය තුල ඔවුන් ඉදිරපත් කල සටන් පාඨ දෙස බැලු විට පැහැදිලිවේ. ප්‍රංශයෙන් ජෙට් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්භන්ධ සිදුවීම් මාලාවක් මුල් කරගනිමින් කොන්ග්‍රසය ප්‍රධාන වශයෙන්ම මොදිගේ රජය වෙත චෝදනා ඉදිරපත් කළේය . එහිදී වංචා දූෂණ සිදුව ඇති බවක් කොන්ග්‍රසය දිගින් දිගටම මැතිවරණ වේදිකාවේදී පැවසීය . නමුත් එය ජනතාව තුලවිශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් නොවීය . ඊට වඩා ජනතාවට බලපාන ගැටළු රැසක් ඒ වනවිටත් රට පුරා තිබිණ .

මේ ගැටළු නිසාවෙන් මේ වනවිට , කොන්ග්‍රස් නායකත්වයේ වෙනසක් කලයුතු බවට වන මතයක් පක්ෂය තුලින්ම මතුව ඇත. ඒ අනුව ගාන්ධි පවුලෙන් පිටස්තර පුද්ගලයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදිය යුතු බවට යෝජනාවක් එක පසෙකින් ඉදිරපත් වී ඇත. එසේම පක්ෂයේම තවත් පිරිසකගේ යෝජනාව වී ඇත්තේ නායකත්වය රාහුල් ගේ සොයුරිය වන ප්‍රියංකා ගාන්ධිට ලබාදිය යුතු බවකි මේ අනුව පක්ෂය තුලම මේ සම්භන්ධව මත ගැටුමක්ද ගොඩනැගෙමින් ඇති බවක් පෙනෙන්නට ඇත. පැහැදිලිවම කිවහොත් කොන්ග්‍රස් පක්ෂය තුල මේවනවිට නායකත්ව අර්බුදයක් මතුව ඇත.

මේ වනවිට නරේන්ද්‍ර මෝඩි හා ඔහුගේ පක්ෂයේ ඉතාම ප්‍රබල , හා ශක්තිමත් තත්වයක පසුවේ . ශක්තිමත් නායකත්වයක් ඉන්දියාවට අවශ්‍ය නමුත් , ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය දිගින් දිගටම දුර්වලවෙමින් පැවතීමද රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර නොවන බව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත. ඒ අනුව එම විචාරකයින අවධාරණය කර සිටිනුයේ කොන්ග්‍රසය වහා මෙම නායකත්ව අර්බුදයට විසදුමක් සොයා ගෙන ශක්තිමත්ව යලි නැගී සිටිය යුතු බවයි .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි