නවතම පුවත්

යහපාලනය ධීවර අමාත්‍යංශය විනාස කරා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය සිවි වසර තුල ධිවර අමාත්‍යංශය අගාදයටම අද දමා ඇති බවත් , ඇතැමුන් ජාතික සම්පතක් වන ධීවර අමාත්‍යාංශය අයාලේ යාමට ඉඩ හැරිම නිසා ඇතැමි නිලධාරීන්ගේ සහ දේශපාලන හෙන්චයියන්ගේ අවශ්‍යතාව අනුව  විවිධ කටයුතු සිදුවීමත් නිසා තැරවී කරුවන්ගේ රජ දහනක් බවට ධීවර කර්මාන්තය පත්වෙමින් තිබු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

 රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කලේ ධීවර අමාත්‍යංශය සතුව තිබී පසුගිය කාලයේ උදුරා ගත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේම සාගර විශ්ව විද්‍යාලය ද  අනාගත රජයක් යටතේ  නැවත ධීවර අමාත්‍යංශයට ලබාගැනීමට කටයුතු කරන බවය . 

ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය [ නාරා ] සහ සාගර විශ්ව විද්‍යාලය විසින් පවත්වන යාත්‍රා නියමු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්කළ 103 දෙනෙකු සදහා සහතික පත්‍ර සහ බහුදින ධීවර යාත්‍රා නියමු බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව පැවසිය . තංගල්ල ධීවර කාර්යාලයේදී මෙම සහතික ප්‍රදානෝත්සවය පැවැත්විණ .

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා . “  ජාත්‍යන්තර මුහුදේ රැකියාවට යන බහුදින ධීවර යාත්‍රා 1600 කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා . ශ්‍රී ලංකා මුහුදු තිරයේ වගේම ජාත්‍යන්තර මුහුදු තිරයේ රැකියාව කරන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව 5000 කට අධිකයි . ධීවර යාත්‍රා තිබුනට මේ රැකියාව කරන පිළිවෙලක් තියෙනවා . නීතියක් තියෙනවා . අපි මේ විදිහට රැකියාව කරලා ආර්ථිකයක් ලබාගත්තට ලෝකයේ බොහෝ රටවල් මේ සාගරයට , මත්ස්‍ය සම්පතට ආදරෙයි . මේ සාගරය ආරක්ෂා කරගෙන , මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගෙන සාගරයේ සියළු සම්පත් රැකගනිමින් ධීවර කර්මාන්තයේ නිරතවීමට තමයි ලෝකයේ බොහෝ රටවල් වල දැන උගත් පිරිස් කටයුතු කරමින් ඉන්නේ . ” 

   

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි