නවතම පුවත්

යාපනයේ තාවඩි ගමම ස්වයං නිරෝධායනයට

අසංක

අසංක

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයාගෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු පුද්ගලයා පදිංචිව සිටින යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තාවඩි ප්‍රදේශයේ ජනතාව නිවාසවලටම කොටුකර තැබීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අයට අවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවාසවලටම ලබාදෙනබවත් ඇදිරි නීතිය අවසන් වූවත් ඔවුන්ට නිවෙස් වලින් පිටතට පැමිණිමට ඉඩනොදුන් බවත් පොලීසිය කියයි.

මේ වන විට එම ප්‍රදෙශයේ පවුල් 300 ක් පමණ සිය නිවාසවලම රදවා නීරෝධායන කටයුතුවල නිරත වන බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කළේය.

ඒ අයගෙන් කිසිවෙකුටත් මෙතෙක් කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා නොවූවන බවද ඔහු කීය.

ස්විස් දේවගැතිවරයාගේ දේවමෙහෙයට සම්බන්ධ වූ 2012 දෙනෙක් මේ වන විට හදුනාගෙන ඔවුන්ගේ නිවාසවලම නීරෝධායන කටයුත්තට යොමුකර ඇති බවත් ඒ අයගෙන් 17 දෙනෙක් දේවගැතිවරයා සහ කොරෝනා රෝගය වැලදී සිටින තාවඩි ප්‍රදේශයේ පදිංචිකරු සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ අය බව හදුනාගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සදහන් කළේය.

එම 17 දෙනාව නීරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

දේවගැතිවරයාගෙන් රෝගය වැලදුණු බව සදහන් වනපුද්ගලයාගේ බිරිද සමෘද්ධි නිලධාරිනියක් බවත් ප්‍ර දේශියේ පුද්ගලයින් 214 දෙනෙකුට ඇය විසින් සමෘද්ධි දීමනාලබාදී ඇති බැවින් එම සමෘද්ධි ලාභීන්ද ස්වයං නීරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී