නවතම පුවත්

යුක්‍රේන – රුසියානු අර්බුදය යළි උණුසුම්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කටයුතු කර ඇත . ඒ, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශයි.

2014 වසරේ සිට යුක්‍රේන රජයට එරෙහිව කැරළිකරුවන් පිරිසක් සටන් වදින්නේ මෙම ප්‍රදේශ ස්වාධීන රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින්. ඒ, රුසියාව විසින් යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි “ක්‍රිමියාව” තම පාළනයට ඈදා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව ආරම්භ වූ සටන් හේතුවෙන් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කලාප ආශ්‍රිතව 2015 දී සටන් විරාමයක් ප්‍රකාශයට පත්කෙරුණා. එහි කැරළිකරුවන්ට ආයුධ සහ ආධාර ලබාදෙන්නේ රුසියාව බවටයි යුක්‍රේනය සහ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළේ.

දැන් එම ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයන් ලෙස රුසියාව පිළිගැනීමත් සමඟ යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට ඇතුලුවීමට රුසියානු හමුදාවන්ට මඟක් පෑදී ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඊට අසානන්තම හේතුව වී ඇත්තේ යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට අයත් මෙම කලාප දෙකෙහි ම සාමසාධක කාර්්‍යයන් ඉටුකරන ලෙස සිය හමුදාවන්ට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් නියෝග කිරීමත් සමඟයි.

මේ අතර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බන්ධයෙන් ලැයිස්තුවක් පවා මේ වන විට සකස් කර ඇතැයි අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියකින් දැනුම්දෙනු ලැබ තිබෙ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී