නවතම පුවත්

යුරෝපය, ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදයට මුහුණදෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වත්මන් බලශක්ති අර්බුදය ඉතිහාසයේ දරුණුතම හා දීර්ඝතම එකක් විය හැකි අතර යුරෝපීය රටවලට විශේෂයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී Fatih Birol ප්‍රකාශ කර සිටි.

ජර්මානු සඟරාවක් වන Der Spiegel, සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ යුක්රේනය කේන්ද්‍ර කරගනිමින් ඇති වී තිබෙන සිදුවීම් නිසා වර්තමාන බලශක්ති අර්බුදය 1970 අවදියේ දී ඇතිවූ අර්බුදවලට වඩා නරක අතට හැරීමට ඉඩ ඇති බවයි.

“ඒ කාලේ අර්බුදය පැවතුනේ ඉන්ධන සම්බන්ධයෙන්. දැන් අපට ඉන්ධන අර්බුදයක්, ගෑස් අර්බුදයක් සහ විදුලි අර්බුදයක් එකවරම මතුවෙමින් තිබෙනවා” යැයි ඔහු සඳහන් කර සිටි.

යුක්රේනයේ ඇතිවූ යුද්ධයට පෙර රුසියාව “ගෝලීය බලශක්ති පද්ධතියේ” ප්‍රමුඛස්ථානයක පසුවූ බවයි. රුසියාව ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා , ලොව විශාලතම ගෑස් අපනයනකරු, ප්‍රමුඛ ගල් අඟුරු සැපයුම්කරුවෙක් යන භූමිකාව තුල කැපී පෙනන තැනක සිටිය බවයි ඔහු සඳහන් කළේ.

යුක්රේනය සම්බන්ධ සම්බාධකවල කොටසක් ලෙස, යුරෝපා සංගමය රුසියානු ඉන්ධන සඳහා සීමාවන් හඳුන්වා දුන් අතර ඒවා ක්‍රමයෙන් ඉවත් කිරීමට ප්‍රතිඥා දී ඇත.

රුසියාවේ ගෑස් සැපයුම් ලබා ගන්නා යුරෝපිය රටවල් වලට ඉදිරියේදී ඇතිවන සීත සෘතුවේදී මේ තත්ත්වය තදින්ම බලපානු ඇති බවට සඳහන් කළ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි Fatih Birol, ඇතැම් විට ජර්මනිය ඇතුළු රටවලට සිය වැසියන්ට ගෑස් සැපයීම සලාක ක්‍රමයට සිදුකිරීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා සිටි.

රුසියාවේ රාජ්‍ය ගෑස් සැපයුම්කරු Gazprom විසින් ගෑස් සපයනු ලබන ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ වෙනත් රටවල බලශක්ති සමාගම්වලට සිය සැපයීම වෙනුවෙන් රූබල් මුදල් ඒකකයෙන් ගෑස් සඳහා ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වීමෙන් පසුව සැපයුම් කපා හැරීමත් සමග මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය .

මේ හේතුවත් සමග ඇතිවන බලපෑම අවම කිරීමට සඳහා යුරෝපා සංගමයේ රාජ්‍යයන් හැකිතාක් අමතර ගෑස් ලබා ගත යුතු බව පවසන ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා, උදාහරණයක් ලෙස නල මාර්ග ගෑස් නෝර්වේ හෝ අසර්බයිජානයෙන් ලබා ගැනීම යෝග්‍ය බවට දැනුම් දී සිටි.

බොරතෙල් වෙලඳපොලේ මිල ඉහළ යෑම හේතුවෙන් එළඹෙන ගිම්හානය යුරෝපා සංගමයේ සහ අමෙරිකාවට ද දුෂ්කරතාවයන් ඇති විය හැකි බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නිවාඩු සමය ආරම්භ වූ විට, ඉන්ධන ඉල්ලුම වැඩි වන අතර, එය “උදාහරණයක් ලෙස ඩීසල්, පෙට්‍රල් හෝ භූමිතෙල්” යන ඉන්ධන සඳහා විශේෂයෙන්ම යුරෝපයේ බාධාවන් මතු විය හැකි බව ඔහු අනතුරු අඟවා සිටි.

මාර්තු මාසයේදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් ඉරිදා දිනවල නගරවල මෝටර් රථ රහිත ගමනාගමනය හඳුන්වාදීම, පොදු ප්‍රවාහනය සඳහා මිල අඩු කිරීම ආදී කරුණු අතුලත් නව සැලැස්මක් ද සකස් කර හඳුන්වා දෙනු ලැබුවේය .

කෙසේ වුවත් මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සපයා ගැනීම ප්‍රබල ගැටලුවක් වනු ඇති. මන්ද විදෙස් සංචිත හිඟකම නිසා මේ වන විටත් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර, ඉල්ලුම ඉහළ යාමත් සමග ඉන්ධන ඇතුළු බලශක්ති ප්‍රභවයන් හි මිල ඉහළ යෑමේ දැඩි අවධානමක් ඇතිවිය හැකිය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?