නවතම පුවත්

යුරෝපා කොමිසමෙන් රුසියාව ‘දොට්ට’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව ලැබුණු අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙසේ යෝජනාවක් ගෙන ඒමට හේතු වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය පැවසූහ.

මේ පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය 2014 වසරේදී ගැනීමට තිබූ එකක් බවත් දැන් හෝ එම තීරණය ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවත්ය.

අඟහරුවාදා දින රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බවයි මෙම නිවේදනය යුරෝපා කවුන්සිලය ද තහවුරු කළහ.

1949 යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව රටක් යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන දෙවැනි අවස්ථාව මෙය වන අතර 1969 ග්‍රීසිය තාවකාලිකව ඉවත් වූහ.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවේ යුරෝපා කවුන්සිලය නේටෝ සංවිධානයේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන සංවිධානයක් වී අවසන් බවයි.

(034)

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි