නවතම පුවත්

යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි …

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වෘත්තීය මට්ටමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යන තරුණ තරුණියන් ලක්‍ෂ ගණනක් අද ලොව පුරා විසිරී සිටි. “යු ටියුබර්” යන නමින් හඳුන්වන මොවුන් බොහෝ දෙනෙකු තම ප්‍රධානතම අදායම් මාර්ගය බවට පත්කරගෙන ඇත්තේද තම යු ටියුබ් චැනලයයි .

“යු ටියුබ චැනලයක් ” ආරම්භ කල පමණිනම කිසිවකුටවත් විශාල ආදායමක් හෝ විශාල ග්‍රාහකයින් පිරිසක් එක් කරගත නොහැකි නමුත්, විශාල ග්‍රාහකයින් පිරිසක් සිටින, එවැනිම විශාල අදයමක්ද ලබන යු ටියුබර්සලා රැසක්ද ලොව සිටිති.

ෆීලික්ස් ජෙල්බර්ග් එවැන්නෙකි. ඔහුට මිලියන 500 වැඩි ග්‍රාහකයන් පිරිසක් සිටින අතර ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 12 ක් පමණ වේ.

පරිගණක ක්‍රීඩාසඳහා වෙන්වූ රූස්ටර් ටීත් ආයතනයේ යු ටියුබ් චැනලය වාර්ෂිකව ඩොලර් මිලයන 13 උපයන අතර . නිගාහිගා හා එපික් මීල් ටයිම් යු ටි ටියුබ් චැනල පිලිවෙලින් , ඩොලර් මිලියන 2.9 හා 3.1 බැගින් වාර්ෂිකව උපයයි
.
අද වන විට මෙම “යු ටියුබ්” චැනල මෙරටටද කිසිසේත්ම ආගන්තුක නැත . යු ටියුබ් චැනලය තම ජීවනෝපාය කරගත් ” යු ටියුබර්ස්ල” පිරිසක් මේ වනවිට මෙරට තුලද බිහිවෙමින් ඇත.

“වස්ති , ජනයි ප්‍රියයි , ලකයි සිකයි , මෙරට සිටින එවැනි ජනප්‍රිය හා වෘත්තීය මට්ටමේ යු ටියුබ් චැනල හිමිකරුවන්ට උදාහරණ කිහිපයකි . එසේම ඉරාජ් වීරරත්න වැනි සංගීත ශිල්පීන්ද තම යු ටියුබ් චැනල හරහා විශාල මුදලක් උපයති.

” ඇත්තටම යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද ? ”

ඒ යු ටියුබර්’ස්ලා නොවන ඔබ අප බොහෝදෙනෙකු තුල නිතර මතුවන කුතුහලයකි. යු ටියුබයෙන් මුදල් උපයන බව දන සිටියත් ඒ කෙසේද යන්න ගැන අප තුල නිවැරදි අවබෝධයක් නැත.

ඒ නිසාම ඒ පිළිබඳව අප මෙරට ප්‍රමුඛ පෙලේ හා පුරෝගාමී යු ටියුබර්’ස්ල කිහිපදෙනෙකුගෙන් සහ සමාජ මාධ්‍ය විශේෂඥයින් කිහිපදෙනෙකුගෙන් තොරතුරු විමසීමු .

සුවිශේෂී හා නිර්මාණශීලී අන්තර්ගතය


ජෙහාන් රණතුංග

ජෙහාන් රණතුංග, ශ්‍රී ලාංකික යු ටියුබ් කලාවේ පුරෝගාමියෙකි. යු ටියුබ් හරහා මුදල් සෙවීමට නම් මුලින්ම කල යුත්තේ තම යු ටියුබ් චැනලය හැකිතාක් ජනප්‍රිය කරගැනීම බව ඔහු සඳහන් කර සිටී.

“යු ටියුබ් චැනල් එකක් සාදු පමණින් මුදල් හොයන්න බැහැ. එය පියවර කිහිපයකින් යා යුතු ගමනක්.” යයි ජෙහාන් පවසයි.

” යු ටුබ් වීඩියෝව ජනප්‍රිය කිරීමට නම් වඩාත් වැදගත් වන්නේ එහි අන්තර්ගතයි . ඒ අනුව වඩාත් නිර්මාණශීලී අන්තර්ගතයකින් යුත් වීඩියෝවක් සැකසීම මුල්ම කාර්ය හාරය වෙනවා” යයිද ඔහු සඳහන් කළේය .

එහිදී ශ්‍රී ලංකාවට පමණක් කොටු නොවී සමස්ත ලෝකයේම අවධානය දිනාගැනීමට හැකි සුවිශේෂී අන්තර්ගතයක් පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බවද ඔහු සඳහන් කර සිටියේය.

නිර්මාණශීලී හා සුවිශේෂ වූ අන්තර්ගතයක් සහිත යු ටියුබ් චැනලයක් වටා පුද්ගලයින් අනිවාර්යයෙන්එ ක්රොක් වනු ඇති බවත් ජෙහාන් පැවසුවේය.

යු ටියුබ් චැනලය ජනප්‍රිය වූ පසුව ඔබට ඉන් මුදල් ඉපයීම පිළිබඳව සිතා බැලිය හැක . ඒ අනුව යූ ටියුබ් ජාලය මාර්ගයෙන් මුදල් උපයා ගන්නා ප්‍රධාන ක්‍රම පහක් පිළිබඳව අප වෙත විස්තර කර සිටියේ ඩිජිටල් ව්‍යවසායකත්වය හා සමාජ මාධ්‍ය පිළිබඳ දේශකයකු මෙන්ම විශේෂඥයකු වන චිරස්ති පෙරේරාය .


චිරස්ති පෙරේරා

වෙළඳ දැන්වීම්

ඔහු පවසන පරිදි ඒ අතරින් පළමු ක්‍රමය, අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්ය.

යූටියුබ් ජාලය ඔස්සේ වීඩියෝ බෙදා හැරීමේදී මුල් යුගයේදී එයින් ආදයමක් ලැබුන ප්‍රධානම ක්‍රමවේදය වෙළෙඳ දැන්වීම් වු බව චිරස්ති සඳහන් කළේය,

සිය යූටියුබ් වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වීඩියෝවක් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ. එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය.

එහෙත් මෑතක සිට වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම මද වශයෙන්ප හළ වැටෙමින් තිබෙන බවද චිරස්ති පෙරේරා අප සමග පැවසීය

උදාහරණයක් ලෙස දස ලක්ෂයක පිරිසක් නැරඹු වීඩියෝවක් සඳහා ලැබෙන ආදායම ඩොලර් දහසක සිට පන් දහසක් දක්වා වූ මුදලක් විය හැකිය.

“සන්තෝසම්

“patreon” හෙවත්” සන්තෝසම් ” ලෙසින් හඳුන්වන ක්‍රමවේදයක් මාර්ගයෙන් ද යූටියුබ් ඔස්සේ මුදල් ඉපයිය හැකි බව ඔහු විස්තර කර සිටියේය

“ඒක හරියට අන්තර්ජාලයේ සන්තෝසම් බෝතලයක් වගේ” ඔහු පවසයි.

ඉතින් ඔබ කිසියම් වීඩියෝවකට කැමති නම් මාසයකට ඩොලරයක් නැත්නම් වීඩියෝවකට ඩොලරයක් වගේ මුදලක් ගෙවන්න පුළුවන්.”

එවැනි අවස්ථාවල කිසියම් මුදලක් ගෙවන ග්‍රාහකයන්ට අති විශේෂ වීඩියෝ නැරඹීමේ අවස්ථාව සලසා දීමට “යූටියුබ් තාරකාවන්ට” හැකියාව තිබේ.

යූටියුබ් ඔස්සේ අදාළ යම් නිෂ්පාදනයක් පිළිබඳව විස්තර කළ පසුව කිසිවෙකු එම යොමුව හරහා ගොස් එය මිලදී ගත්තේ නම් එහිදී බොහෝ විට යූටියුබ් තාරකාවට ප්‍රසාද දීමනාවක් හිමි වේ.

සබැඳි යොමු

සබැඳි යොමු හෙවත් ලින්ක්ස් හරහාද මුදල් ඉපයීම සිදුකල හැක. මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ යූ ටියුබ්කරුවන්ටය .

උදාහරණයක් ලෙස යූටියුබ් නාලිකාව ඔස්සේ කිසියම් මෝස්‌තර නිර්මාණයක් හෝ රූපලාවන්‍ය නිෂ්පාදනයක් පිළිබඳව සඳහන් කොට එයට ප්‍රචාරයක් ලබාදීමට ඔහුට/ඇයට හැකියාව තිබේ.

එහිදී තමන් ප්‍රිය කරන නිර්මාණයක් පිළිබඳව අදහස් පළ කිරීම මගින් ආදයමක් ද ලැබිය හැකි වීම එහි තිබෙන විශේෂත්වයය.

ඍජු වෙළඳාම

කෙසේ වෙතත් සෘජු වෙළඳාම හරහාද මේ වනවිට යූ ටියුබ් කරුවන් අද වනවිට විශාල මුදලක් උපයා ගන්නා අවස්ථා දක්නට ඇත.

මෙහිදී සිය යූටියුබ් නාලිකාව ඔස්සේ සෘජුවම භාණ්ඩ ප්‍රචාරය කිරීම සිදුකෙරේ.

සමාගම් සඳහා ප්‍රචාරය


විමුක්ති ගුණසේකර

සමාගම් සඳහා ප්‍රචාරය ලබාදීම යු ටියුබ් කරුවන් මුදල් උපයන පස්වන ක්‍රමය ලෙස චිර්සති පෙරේරා අප දැනුවත් කළේය . ඒ පිලිබඳව විශාල අත්දැකීම් සහිත යු ටියුබර් කෙනෙකු වන විමුක්ති ගුණසේකරගෙන් වැඩිදුර විස්තර දැනගැනීමටද අප කටයුතු කළෙමු .

විමුක්ති මෙරට ජනප්‍රිය ධාරාවට එක්වූ මුල්ම යු ටියුබ් නාලිකා කිහිපයට අයත් SL MADE යු ටියුබ් චැනලයේ නිර්මාතෘවරයා වේ.

මෙහිදී සිදුවන්නේ සිය භාණ්ඩ ප්‍රචාරය කරන මෙන් ප්‍රධාන පෙළේ සමාගම්වලින් ලැබෙන ඉල්ලීම් යූටියුබ් තාරකාවන් විසින් ක්‍රියාත්මක කිරීම බව විමුක්ති පැවසීය

එය යු ටියුබ්කරු හා අදාළ සමාගම සමග ගොඩනැගෙන ඩීල් එකක් වන බවද විමුක්ති සඳහන් කළේය .

“ඒ වගේ ඩීල් එකකින් වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම වගේ දොළොස් ගුණයක විතර ආදායමක් හොයාගන්න පුළුවන්.” යයිද විමුක්ති අප වෙත පැවසීය

එසේම යූ ටියුබයෙන් මුදල් ඉපයීම පිලිබඳ උදාහරණ කිහිපයක්ද විමුක්ති අප වෙත ගෙන හැර දැක්වූයේ, එම විෂය පිලිබඳ අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණිනි.

යූ ටියුබ් හරහා මෑතකදී කෝටිපතියෙකු වූ තරුණයෙක් පිළිබඳව එහිදී ඔහු අප වෙත විස්තර කළේය. විසි පස් වියැති, ‘PewDiePie’ නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ෆීලික්ස් ජෙල්බර්ග් (Felix Kjellberg) වීඩියෝ ගේම් නරඹන අතර තමන්ගේ ඉරියව් වීඩියෝ ගත කර අන්තර්ජාලයේ පළ කල බව විමුක්ති පැවසීය.

මෙම වීඩියෝ සඳහා ඇල්මක් දක්වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 37ක් පමණ වන අතර එම සංඛ්‍යාව ‘වන් ඩිරෙක්ෂන්’ සහ ‘ටේලර් ස්විෆ්ට්’ වැනි සුප්‍රසිද්ධ සංගීත වීඩියෝවලට ඇල්මක් දක්වන්නන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝ වැඩි බවයි සඳහන් වන්නේ.

ඔහු ගේ වීඩියෝ මගින් ආකර්ෂණය කර ගන්නේ ගැටවර සහ යොවුන් වියේ පසු වන්නන් බවයි Enders Analysis නම් වෙබ් අඩවිය පවසන්නේ.

ජෙල්බර්ග් (Kjellberg) අන්තර්ජාලයට එක් කළ නවතම ගේම් වීඩියෝව වන ‘අගාරියෝ (Agario) නැරඹීම’ පැය 18 ක කාලයක් තුළ මිලියන 1.5 ක පිරිසක් විසින් නරඹා තිබේ.

2014 වසරේ ජූලි මාසයේ දී රෙඩ්ඩිට් (Reddit) රසිකයන් පිරිසක් ඉදිරියේ ඔහු සනාථ කළේ 2013 දී තමන් ‘දළ වශයෙන්’ මිලියන 4 ක මුදලක් ඉපැයූ බවයි.

යම් කෙනෙක් යූ ටියුබ් වීඩියෝ වලින් ඒ තරම් විශාල මුදලක් උපයන්නේය යන්න සිතීමට පවා අපහසු කරුණක් වුවද එත් එක්සත් රාජධානියේ මුළු ජනගහනයෙන් අඩක් පමණ ඔහුගේ වීඩියෝ නරඹන බව වාර්තාවී ඇති බවද විමුක්ති අප සමග පැවසුවේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?