යොහානි බොලිවුඩයට පා තබයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ ‘ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) පිවිස ඇති බව වාර්තා වේ..

ඒ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ  තේමා ගීතයේ නිල පසුබිමි ගායිකාව ලෙසිනි.

ඇයගේ ගායනය සහිත වීඩියෝව යූටියුබ් ඔස්සේ එළි දක්වා ඇති අතර එම ගීතයේ නිල පසුබිම් ගායකයා ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරයි.

යොහානි ද සිල්වා සිය යූටියුබ් චැනලය හරහා එම ගීතය එළිදැක්වූවය .

යොහානි ගායනා කරන මෙම ෂිද්දත් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ටී සිරීස් ආයතනය ද සිය නිල යූ ටියුබ් චැනල ඔස්සේ ඒළි දක්වා තිබුණි.ටී සීරිස් ආයතනය ඉදිරියේදී යොහානි ද සිල්වා සමග නව සංගීත නිර්මාණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන් සිටින බවද සදහන් වේ.

ඉන්දියාවේ කොටිපති ව්‍යාපාරික භූෂන් කුමාර් හිමිකාරීත්වය දරණ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.

අදාළ හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ ගීතය පහත දැක්වේ .

YouTube player