නවතම පුවත්

රංජන් ගේ හඩ පට පිළිබද පසු විපරමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය සති කිහිපයම ලාංකීය දේශපාලනයේ තැටිය රත් වූයේ රංජන් රාමනයක මන්ත්‍රීවරයා ගේ මාදිවෙල මන්ත්‍රී නිවෙසින් ඔහු අර පරෙස්සමට තැටිගත කොට ගබඩා කොට තැබූ දුරකථන සංවාද කරලියට පැමිණීම හේතු කොට ගෙනය. ලාංකීය ඩිජිටල් හා සමාජ මාධ්‍ය තුල එකී හඩ පට උණු කැවුම් මෙන් අළෙවි වී යාම මා සාධනීයව ගණනය කරන්නේ ලාංකීය දේශපාලනයේ තිරයෙන් පසු පස දුගද හමන සිදුවීම් කිසි දිනක ලාංකීය ජන සමාජය මේ අයුරින් දැක නොතිබූ හේතුවෙනි. දැන හෝ නොදැන සමාජය ඉදිරියේ දේශපාලකයා ගේ සැබෑ ස්වභාවය රංජන්ගේ හඩපට මගින් හෝ ජනතාවට නිරාවරණය වීම හා එහි පිළීගද දැනී, හැදෙන ජනයාට කදිම හැරවුම් ලක්ෂයක් සපයන්නකි. මක් නිසාදයත් එකී හඩපට මගින් හුදෙක් සමාජගත වූයේ ලාංකීය දේශපාලකයා ඉදිරියේ නීතිය යනු දේශපාලන ක්‍රියාවලියේම අතකොළුවක් මිස ජනතාවගේ පරමාධිපත්‍ය සුරකින්නක්ම නොවන බවයි.

රංජන්ගේ හඩ පට සමාජගත වීමත් සමගම පොදු සමාජයම අපේක්ෂාකරන ලද්දේ හෙළි වූ තිත්ත ඇත්ත සමගින් නව සමාජ විප්ලවයක් සදහා ජනතාව මෙන්ම ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ක්ෂේත්‍ර සියල්ලන්ම එකා මෙන් පෙළ ගැසෙනු දක්නටය. නමුත් මේ මොහොත වනවිට රංජන්ගේ හඩපට අසමින් සිටින පොදු සමාජයත්, ඊට වග කිව යුතු දේශපාලකයාත් සිදු විය යුත්ත පසෙක ලා සිදු කරමින් සිටින්නේ කුමක්ද? මෙය ගැඹුරින් විමසා බැලිය යුතු අවාසනාවන්ත තත්වයකි. කොටින්ම රංජන්ගේ හඩපට යනු බොර දියේ මාළු බාන ලාංකීය දේශපාලකයා හට කදිම ඇමකි. අනෙත් අන්තයෙන් කිසිදු වටනාකමක් නොමැති සමාජ ජාල ගොසිප් පමණක් අපේක්ෂාවෙන් පසුවෙන පොදු සමාජයේ බොහෝ කොටස් සදහා රංජන්ගේ හඩපට කුදු කුණු රසැති වින්දනයක් පමණි.

මේ මොහොත වනවිට අදාල හඩපට හා සබැදි මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත්ව සිටියි. එසේම ඔහුගේ දේශපාලන පක්ෂය විසින් රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය පවා තාවකාලිකව අත්හිටුවා තිබේ. වෙනත් අර්ථයකින් ගත් කල රංජන් දේශපාලනිකව කොටු වී හමාරය. ආරංචියේ තරමට නුදුරු අනාගතයේදී ඔහු දේශපාලනයෙන් සමුගෙන විදේශ ගත වීමට පවා සිතා තිබේ. මේ සියල්ලක් අතරේ ලාංකීය දේශපාලකයා මෙකී හඩපට සම්බන්ධයෙන් දරන්නේ අපූරු අදහසකි එනම් පාර්ලිමේන්තුව තුලද සමාජය ඉදිරියේද ඔවුන් උත්සහ කරනුයේ රංජන්ගේ අර්බුදකාරී හඩපට සමාජ ගත වීම වළකාලීමට මිස ඉන් උගත් පාඩම මගින් සමාජයට උරුම වියයුතු දේශපාලනික යහපත සලසාදීමට නම් නොවේ. දේශපාලකයා සූරය, සට කපටය, රංජන්ගේ හඩ පට අත්පත් කරගත් තෙද බලැති දේශපලකයා දිනෙන් දින එකී හඩ පට සමාජ ගත කරනුයේ තමන්ට අවාසිසහගත නොවන වර්ගයේ දෙබස් පමණක් සමාජ ගත කරමිනි. එනයින් අගතියට පත්ව ඇති දේහපාලකයින් විසින් මෙම හඩපට හැකිතාක් සමාජයෙන් වාරණය කිරීමට උත්සහ දරන්නේ දිගින් දිගටම හෙළිවන විවිධාකාරී විච්චූරන හඩපට මගින් පොළවට සමතලා වෙමින් පවතින සිය දේශපාලන පකෂය රැක ගැනීමට හා නුදුරේදී සමාජය ඉදිරියේ හෙළි වීමට නියමිත තම තමන්ගේ පැටිකිරිය වසාගැනීමට මිස අන් කවරකටද.

මේ සියල්ලක් දේශපාලන සූත්තර අතරේ ලාංකීය ජනසමාජය හුරේ තබන්නේ අදාල මන්ත්‍රීවරයා ගේ හඩපට මගින් හෙළිවන ජනප්‍රිය පුද්ගලයින්ගේ ජුගුප්සාජනක ඕපාදූප වෙතට ආකර්ෂණය වෙමිනි. අවාසනාවකට මෙන් ජනතාව එකාමෙන් පෙළට සිටගෙන ඇත්තේ තවෙකුගේ ඕපාදූපයක් අසා තාවකාලික ආස්වාදයක් ලැබීමට මිස මෙසේ හෙළි වූ අමිහිරි සත්‍ය උපයෝගී කොටගත් නැවුම් සමාජ විප්ලවයකට නොවන බව නම් පැහැදිලිය. කොටින්ම මෙසේ සමාජගත කරන ලද හඩ පට මගින් සිතුවාටත් ඉහළින් අපේක්ෂා මල්පල ගැන්වී ඇත්තේ දේශපාලකයාගේ මිස වෙනකකුගේ නම් නොවේ. මෙම මජර දේශපලනය හමුවේ මෙතුවක් අපේක්ෂා භංගත්වයට පත්වසිටින අසරන ලාංකීය ජන සමාජය මෙකී හඩපට නාඩගමෙන් අවසන සිදුවන්නේද තමන් තව දුරටත් අපේක්ෂා භංගත්වයට පත්වීම බව නොදැන ඔවුහු රංජන්ගේ හඩ පට අසමින් හුරේ දමති, තවෙකුගේ පෞදගලිකත්වය නොතකා චරිත ඝාතනය කරති.

එනයින් ලාංකීය අසරන ජනසමාජය විසින් තමන්හට බලහත්කාරයෙන් ශ්‍රවනය කිරීමට සැලැස්සූ රංජන්ගේ හඩපට දඩමීමා කොට ගනිමින් ඉදිරියෙදී එක් දේශපාලන පක්ෂයක් විසින් තවත් පක්ෂයක් පරදා සුවුසල් දේශපාලන ජයක් ලබා ගැනීමට නියමිත බැව් හෝ ගම්‍යමාන කරගතයුතුය. එසේම එකී දේශපාලන ජයග්‍රහන මගින් පමණක් තමනට අත්වන සෙතක් නොමැතිබවද වටහා ගත යුතුය. අවම වශයෙන් හඩපට මගින් හෙළි පෙහෙළි වූ තිත්ත ඇත්ත උපයෝගී කොටගෙන පොදු සමාජය තුල සැමට සාධාරණ සමාජ ක්‍රමයක් බිහි කරගැනීම සදහා දේශපාලකයින්ගේ හද ගැස්සේන පරිද්දෙන් ප්‍රථම වෙඩි මුරය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී හෝ පත්තු කිරීමට ලාංකික ඡන්දදායකයා වගකීම් සහගත විය යුතු වන්නේය. 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්