නවතම පුවත්

රජයේ සේවකයන්ට ස්ථීර පත්වීම් ලැබෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට මෙසේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ආයතවල දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් ලබන මස 01 වැනිදා වන විට සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිතය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි