නවතම පුවත්

රටක ‘බ්‍රෑන්ඩ්ස්’ ලෝකයක් වටින හැටි – බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකාහි කළමනාකරණ අධ්‍යක්ෂ රුචී ගුණවර්ධන කියයි

අසංක

අසංක

රටක් තුල ප්‍රබල සන්නාමයන් නැතහොත් “බ්‍රෑන්ඩ්ස් ” පැවතීමේ වැදගත්කම මෙන්ම මේ වනවිට එසේ මෙරට තුල ගොඩනැංවී ඇති , ජාත්‍යන්තරය ජයගත් සන්නාමයන් කිහිපයක් පිළිබඳවත් , එම විෂය ක්ෂේත්‍රය පිලිබඳ ප්‍රවීණයකු හා විශේෂඥයකු වන රුචී ගුණවර්ධන මහතා දක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

සන්නාම ගොඩනඟන්නෙක්, උපදේශකවරයෙක් ලෙස ව්‍යාපාර ලෝකයේ ගෞරවාදරයට පත්ව ඇති ඒ මහතා Brand finance lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ‘Pick-me’ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරයි.

” රටක් තුල ප්‍රබල සන්නාමයන් පැවතීම එම රටේ ආර්ථික සෞභාග්‍ය හා තිරසර සංවර්ධනය කෙරෙහි ඍජුවම සම්හන්ධවී ඇත. ලොව වටිනාම හා ප්‍රබලම සන්නාමයන් බොහොමයක් අයත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් සමාගම් වලටය .

ඇපල් , ඇමර්සන් , ගූගල් , මයික්‍රොසොෆ්ට් , කොකා කෝලා , හා ඩිස්නි යනු , එවැනි ප්‍රබල සන්නාමයන් කිහිපයකි .එවැනි වටිනා හා ප්‍රබල සන්නාම තවත්රැසක් එරට කේන්ද්‍ර කරගනිමින් පවතී . මෙම සන්නාමයන් තුලින් අපගේ දෛනික ජීවිතවලට පවා ප්‍රබල බලපෑම් එල්ලවේ.

ඇමෙරිකාව පරදවමින් ලොව විශාලතම ආර්ථිකය බවට පත්වීමට චීනය මේ වනවිට සාර්ථක හා වේගවත් ගමනක නිරතව සිටින අතර එමනිසාම චීනය කේන්ද්‍ර කරගනිමින්ද මේ වනවිට ප්‍රබල හා ඉතා වටිනා සන්නාමයන් රැසක් බිහිවෙමින් පවතී .

හුආවී , ලෙනොවෝ , ඔපෝ , විවෝ , අලි බාබා , වී චැට් එවැනි සාර්ථක චීන සන්නාමයන්ට උදාහරණ කිහිපයක් පමණි .

අපනයනය යනු ආර්ථික සංවර්ධනයට ප්‍රධානතම හා අත්‍යාවශ්‍ය සාධකයකි , බොහෝ රටවල අපනයන ආර්ථිකය ශක්තිමත්වී ඇත්තේ උසස් සන්නාම නිපැයුම් වලින්.බව පැහැදිලිව පෙන්වා දිය හැක.

අපනයනය කරන භාණ්ඩය අගය එක්කල, උසස් සන්නාම නිපැයුමක් වූ විට ,එහි වටිනාකම වැඩිවේ. .එවිට ඒ හරහා රටට ලැබෙන ආදායමද වැඩිවේ. . අපනයනයන් බොහෝ වොට පාරිභෝගික ද්‍රව්‍යවල සිට සන්නාම දක්වා ගමන් කළ යුතු වන්නේ එම නිසාවෙනි .

මේ වනවිට ලොව පුරා පාරිභෝගිකයින් මෙවැනි විවිධ රටවලට ආවේනිකවූ හා අව්‍යාජවූ නිෂ්පාදන කෙරේහි විශාල නැඹුරුවක් දක්වමින් සිටී . මේ නිසාම ශ්‍රී ලංකාවටද මෙරට ජෛව විවිධත්වය දේශගුණය , දේශීය සංස්කෘතිය , හා උරුමයන් පදනම් කරගත් නිෂ්පාදන හරහා ජාත්‍යන්තර වෙළඳපොල ජයගැනීමේ හා ලොව ප්‍රබල සන්නාමයන් බිහි කිරීමේ හැකියාව හා අවස්ථාව උදාවී ඇත.

අපගේ රට පිළිබඳව සලකා බලන විට මෙරට ව්‍යවසායකින් කිහිපදෙනෙකුම මේ වනවිට තම භාණ්ඩ වල සුවිශේෂී බව නැංවීම සඳහා මෙරටට උරුම දේශීය වටිනාකම් යොදා ගනිමින් යොමුවෙමින් සිටින බවක් පෙනෙන්නට ඇත

එම ව්‍යවසායකයින් ගෙවුණු දශකය තුල ප්‍රථම වරට දේශීයත්වය ඉස්මතු කරන නිෂ්පාදන හරහා ප්‍රබල සන්නාමයන්ද බිහිකරමින් ජාත්‍යන්තර වෙළඳ පොළ තුල ඉදිරියට පැමිණ ඇත.

ලොව ප්‍රබලතම සන්නාමයන් හා කරට කර තරග කිරීමට නම් මෙම සන්නාමයන්ට තව බොහෝ දුරක් ඉදිරියට යා යුතුව ඇත. නමුත් දේශීයත්වය ඉස්මතුකරවන නිෂ්පාදන හරහා , පබල සන්නාමයන් ගොඩනගාගත හැකි බවටත් , ඒ හරහා ලෝක වෙළඳ පොළ ජයගත හැකි බවටත් , මෙම සන්නාමයන් මෙරට සෙසු ව්‍යවසායකයින්ට විශාල ආදර්ශයක් ලබාදේ.

මේ එවැනි සන්නාමයන් කිහිපයකට උදාහරණයන්ය.

ස්පා සිලෝන් (Spa Ceylon)

ආයුර්වේද සුවතා නිෂ්පාදනයන්හි ලොව ජනප්‍රිය සන්නමයක් බවට පත්වෙමින් ඇති ස්පා සිලෝන් ආයතනය, මෙරට පැරැණි ආයුර්වේද වට්ටෝරු මත ස්වාභාවික ඖෂධ භාවිතා කරමින් නූතන තාක්ෂණය ඔස්සේ සුඛෝපභෝගී නව නිෂ්පාදන මාලාවක් ඉදිරිපත් කර ඇත.

මේ වනවිට එම සන්නාමයෙන් යුත් නිෂ්පාදන ලොව පුරා ඉහලම හා සුප්‍රසිද්ධම වෙළඳසල් හා “ස්පා” මධ්‍යස්තාන වල අලෙවිය සඳහා තබා ඇත. විශේෂයෙන්ම ජපානයේ ටෝකියෝව , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඉන්දියාවේ මුම්බායි හා කොරියාවේ සෝල් නගරවල මෙම සන්නමයේ නිෂ්පාදන ජනප්‍රියව ඇත.

t-Lounge by Dilmah

ලංකාවේ ප්‍රමුඛම තේ අපනයන සන්නාමය වන ඩිල්මා ආයතනය විසින් අලුතින් හඳුන්වාදුන් සංකල්පයක් ලෙස මෙම ඩිල්මා ටී ලෝන්ජ් හඳුන්වා දිය හැක.. මෙය නව සහස්‍රයේ ගෝලීය පරම්පරාවටද ගැලපෙන පරිදි සැකසු සංකල්පයක් ලෙසද හැඳින්විය හැක.

මෙහිදී මෙරට ඉහලම තත්වයේ තේ පානයට මෙන්ම තේ පිළිබද දනුවත්වීමටත්, ප්‍රාසාංගික අත්දැකීම් ලබග්නීමටත් අවස්තාව ලැබේ . චීනය , කුවේටය , ඩුබායි රාජ්‍යය , ඉන්දුනීසියාව , පිලිපීනය ආදී රටවල් රැසක මෙම සන්නාමය ජනප්‍රියව ඇත.

Ministry of Crab

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් අවන්හලේ ශාඛාවන් මාලදිවයින , ඉන්දියාව , චීනය , පිලිපීනය තායිලන්තය වැනි රටවල් වල පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ කකුළුවන් මෙම අවන්හලේ ප්‍රධානතම ආහාරය වන අතර ඉතා උසස් හා ගුණාත්මක භාවයකින් මෙම ආහාර පිළිගැන්වීම මෙම අවන්හලේ ජනප්‍රියභාවයට හේතුවකි .

Lion Stout

ලයන් බීර නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනයක් වන ලයන් ස්ටවුට් මේ වනවිට ලොව පුරා රටවල් 27කංඅ ජනප්‍රිය බීර සන්නාමයක් බවට පත්ව ඇත. දේශීය රසයට ගැලපෙන පරිදි සකස්කර ඇති නිසාම මෙය විදෙස් වෙළඳපොළට නවමු අත්දැකීමක් එක්කර ඇත.

මේ නිසාම විශේෂයෙන්ම ඇමෙරිකාවේ ජනප්‍රියතම විදෙස් බීර සන්නාමයන් අතරට එක්වීමටද මෙම ලයන් ස්ටවුට් වලට හැකියාව ලැබී ඇත.

කොලොම්බෝ 7 ජින්

රොක්ලන්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කරන ජින් වර්ගයේ මධ්‍යසාර සන්නාමයක් වන මෙය මේ වනවිට බ්‍රිතාන්‍යය තුලද ජනප්‍රිය වී ඇත.

ශ්‍රී ලංකාවට විශේෂ වූ කුළු බදු වන කුරුඳු , ඉඟුරු , හා කරපිංචා ද රසමුසු කර නිෂ්පාදනය කර තිබීම මෙහි ජනප්‍රියත්වයට හේතුකාරක වී ඇත.

සිනමන් හෝටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්

ජෝන් කීල්ස් සමාගමට අයත් මෙම සංචාරක හෝටල් ජාලය මේ වනවිට ලොව පුරා සංචාරකයින්ගේ සිත් දිනාගෙන ඇත . මෙම ජනප්‍රියත්වයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකික සත්කාර විධි , සංස්කෘතිය හා ප්‍රාසාංගික අංග නවීන හා සුඛෝපභෝගී ආකාරයකින් සංචාරකයින් වෙත ලබාදීමයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී