නවතම පුවත්

රටට සහ ජනතාවට සෙත් පතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටට සහ ජනතාවට සෙත් පතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි ද නිරත වෙමින්  රටටත්, ජනතාවටත් සෙත් පැතිය.  සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

මිරිසවැටිය රාජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේ දැනුවත් කළේය. එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බව මිරිසවැටිය විහාරාධිකාරී හිමියෝ සඳහන් කළහ.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි