නවතම පුවත්

රට පුරා “හර්තාල්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද (06) දිවයින පුරා හර්තාල් ව්‍යාපරයක් පැවැත්වේ.

රාජ්‍ය ,අර්ධ රාජ්‍ය , පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසකට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාලය නම් කර ඇත්තේ ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනුවෙනි.

මේ හේතුවෙන් අධ්‍යාපන, ප්‍රවාහන, වතු, රාජ්‍ය අංශයේ මෙන්ම සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල වි තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, හර්තාලයට එක්වන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

හර්තාලයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වි ති‍බේ.

පෞද්ගලික බස් රථ හිමියන් හා දුම්රිය සේවකයින් හර්තාලයට සහය පළ කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පි. විතානගේ මහතා ප්‍රකාශ කළේ, දුම්රිය සේවකයින් රැසක් වැඩබිම්වලින් ඉවත්වි ඇති බවයි.

කෙසේ වෙතත් ලංගම බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ද අද හර්තාලයට සහය පළ කර තිබේ.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තම සංගමය අද සේවයෙන් ඉවත්ව හර්තාලයට සහය පළ කරන බවයි.

හෙද හෙදියන් රැසක්ද අද වැඩ වර්ජනයේ නිරත වේ.

මේ අතර පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිකයින් රැසක්ද අද හර්තාලයට එක්වී ඇත්තේ සේවාවලින් ඉවත්වයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ද ඒ අතර වෙති.

අද දහවල් රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධාන කරමින් හර්තාලයට සහය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

හර්තාලය හේතුවෙන් පාසල් කටයුතු ද අද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

අද පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති මල් ශ්‍රි ද සිල්වා මහතා පැවසී ය.

ග්‍රාම නිලධාරිවරුන් ද හර්තාලයට සහය පළ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්‍ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසී ය.

මේ අතර හර්තාලය හේතුවෙන් අද බැංකු කටයුතු ද අඩපණ වී ති‍බේ.

වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, හර්තාලයට සමගාමිව ‍කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් උද්ඝෝෂණ සංවිධාන කර ඇති බවයි.

මේ අතර එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසී ය.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම පිණිස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බව දැනුම් දීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

එක්දින සේවා සඳහා වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් ඕනෑම දිනක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බව වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර ගමන් බලපත්‍ර නිකුත් කිරි‍මේ එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසී ය.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඇතුළු රටේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයෙහි ආගමන හා විගමන රාජකාරිවලින් තම සාමාජිකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වූ බවයි.

ඒ පාලකයන් වත්මන් ගැටලුවට නිශ්චිත විසඳුම් ලබා නොදිමට විරෝධය පළ කරමිනි.

මීට අමතරව විශේෂ සත්කාර ,මගීන් සඳහා වන සේද මාවත මගී නිශ්කාශන කටයුතුවලින් ද ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?