නවතම පුවත්

රට වහන්නේ නෑ – රාජ්‍ය උත්සව කල් දමයි – නව සීමා පැනවේ

අසංක

අසංක

රට වසා දැමීමක් සිදු නොකරන නමුත් පවතින තත්ත්වය මත ඇතැම් තහනම් පැනවෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද පැවැති ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදී මේ බව තීරණය කර ඇතැයි හමුදාපතිවරයා සදහන් කර ඇත.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බව හෙතෙම කියාසිටී.

සියලුම රාජ්‍ය කටයුතු සැප්තැම්බර් 01 දා දක්වා කල් දමා ඇත.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරෙන අතර උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වන සංඛ්‍යාව 25 කට සීමා කෙරේ.

සියලුම රාජ්‍ය සේවකයින් කැඳවා තිබූ චක්‍ර ලේඛනය ආපසු හරවා, සේවයට වාර්තා කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි