නවතම පුවත්

රනිල් කැළණි දායක සභාවෙන් නෙරපුවාද ? අස්වුනාද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කැළණිය දායක සභාවේ සභාපතිධූරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීම සම්බන්ධයෙන් අද උදෑසන පිලිගත් මාධ්‍ය ආයතන කීපයක් එකිනෙකය වෙනස් උදෘත යොදා තිබේ. ඒ අතර ඇතැම් ශීර්ෂ පාඨයක අගමැතිවරයා දායක සභාවෙන් නෙරපා ඇති සහ ඉල්ලා අස්වී ඇති බවයි.

මේ අතර ‍කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ඊයේ (සැප්තැම්බර් 01 ) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවූ බවට මාධ්‍ය වාර්තා පළ විය. ඒ ඊයේ පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව බව එම වාර්තා වල දැක්වෙයි.

මෙම ප්‍රවෘත්තිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැන ගැනීමට ලැබුණේ ඔහු ඊයේ සවස තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරය. මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සම්බන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්