නවතම පුවත්

රවී මහත්මා දේශපානය ගැන කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අතීතයේදී ශ්‍රී ලංකාවේ පැවැති මහත්මා දේශපාලනය වර්තමානයේ නොමැති බවත් සෑම ප්‍රශ්නයකටම හේතුව දේශපාලනය යැයි ජනතාව සිතන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

වර්තමානයේදි  ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් බවට පත්ව ඇති බවත්  දේශපාලඥයින් සියල්ලන්ම හොරු යැයි ඔවුන් සිතන බවත් රවී කරුණානායක මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ මොරටුවේ පැවැති උත්සවයක් අමතමිනි.

“එදා දේශපාලඥයෙක් ලගට ගැටළුවක් රැගෙන ගියාම ඒකට විසදුමක් ලබා දෙනවා. ඒත් අද දේශපාලඥයෙක් ළඟට විසදුමත් අරගෙන ගියත්,  ඒකත් ප්‍රශ්නයක් බවට පත් කරනවා. අන්න ඒකයි අද තිබෙන වෙනස. ඒකයි අද ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් වෙලා තිබෙන්නේ. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න එකතු වෙනවා මිසක් විසදුම් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව හිතන්නේ මුන් ඔක්කොම හොරු කියලා.

අපි අද වඩාත් තියුණු තරගයක් තුළින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා මේ පරිවර්ථනය ඇතිවන අවස්ථාවේදී ජනතාව කළ යුත්තේ, සුදුසු දේශපාලඥයින් ඉලක්ක කරලා පත් කරගන්න එකයි. ජනතාව විසින් නියෝජිතයින් 225 ක් පත් කරන්නේ , ජනතාව නියෝජනය කරලා, ඔවුන්ගේ  ප්‍රශ්න වලට විසදුම් ලබාගන්නයි. නමුත් දවසින් දවස ජනතා විශ්වාසය කඩවී යනවා.”

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී