නවතම පුවත්

රස්සාව කරන තැනින් කෝටි 2ක් කොල්ල කෑ ගිණුම් සහකරු අත්අඩංගුවට

අසංක

අසංක

හේලීස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික් සමාගමේ කැලණියේ පිහිටි ගබඩාවේ සේවයේ නිරතව සිටි ගිණුම් සහකාරවරයෙක් රුපියල් ලක්ෂ 210 ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

2019 වසරේ කරන ලද මුදල් වංචාව මෙම පුද්ගලයා සිදුකර ඇත්තේ චෙක්පත් දෙකක් මගිනි. එහෙත් ඒ එම වංචාව සමාගමේ ගණකාධිකාරීවයාට අනාවරණය වී ඇත්තේ පසුගිය දා කළ විගණනයේදී ය.

ඒ සම්බන්ධයෙන් අදාල සමාගම විසින් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු සැකකරුව මොරටුවේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු වංචා සහගතව ලබාගත් මුදල් වලින් රුපියල් ලක්ෂ 40 ක් වැයකර මෝටර් රථයක් මිලදී ගෙන ඇත. රුපියල් ලක්ෂ 30 ක රන් භාණ්ඩ සිය බිරිදට මිලට ගෙන දී ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා රූපවාහිනී වැඩ සටහන්වලටද ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් සහභාගි වී ඇත.

තරුණ ව්‍යසායකයින්ට අතහිත දීමේ වැඩ සටහනකටද සම්බන්ධ වී සිට ඇති අතර ඔහු නිලියන් කිහිප දෙනෙක් සමගද ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිකර තිබී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම මුදල් වංචාවට තවත් අයෙකුගේ සහය ලැබී තිබේදැයි විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි