නවතම පුවත්

රහස් පොලීසිය අත්අඩංගුවට ගන්න යද්දී රාජිත අතුරුදන්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචිව සිටින සහ ඔහු නිතර ගැවසෙන ස්ථාන 5කට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ගොස් තිබේ.

ඒ කිසිදු තැනක ඔහු නොසිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට ඔහු අතුරුදන් බවයි.

බොහෝ විට ඔහු රෝහල්ගතව සිටිය හැකි බැවින් කොළඹ සහ ඒ අවට රෝහල් කිහිපයක්ම පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද හවස් වනවිට තීරණය කර තිබුණි.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.

එම වරෙන්තුව සම්බන්ධයෙන් කතානායකවරයා අද පෙරවරුවේ දැනුවත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි