නවතම පුවත්

රහස් පොලීසිය අබුඩාබි ගිහින් උදයංග ගෙන ආ සිද්ධියේ සුල මුල මෙන්න

අසංක

අසංක

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන අද (14) මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 208 අංකය දරණ ගුවන් යානාවෙනි.

ඔහු රහස් පොලිස් නිලධාරීන් භාරයට ගනු ලැබුවේ අබුඩාබි බන්ධනාගාරයක රදවා සිටියදී ය.

මෙරටින් නිකුත් කළ දැනුම් දීමකට අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කළ වරෙන්තුව පරිදි උදයංග වීරතුංග මහතා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන මාස පහක පමණ කාලයක් අබුඩාබි හී පිහිටි බන්ධනාගාරයක රදවා සිටි ඇත.

ඉකුත් 11 වෙනිදා ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධීකාරීවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අබුඩාබි බලා පිටත්ව ගොස් තිබුණි.

යුද සමයේදී මිග් යානා මිලදී ගැනීමකදී සිදුවී ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ කටයුත්තකට අදාලව 2016 වසරේ ඔක්තෝම්බර් 20 වෙනිදා මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.

එවකට මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරන ලද්දේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසිනි. ඒ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙනි. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති පොලිස් ඒකකයක් ලෙස එය ක්‍රියාත්මක ය.

අදාල වරෙන්තුවට අනුව එකල අබුඩාබි පොලීසිය උදයංග වීරතුංග මහතාව එරට පොලිස් භාරයට ගත්තද පසුව ඔහුව නිදහස්කර යැවීය. ඒ වරෙන්තුවට අදාල ලියකියවිලි නිසි ලෙස එරටට ලැබී නොතිබීම නිසයි.

එහෙත් 2018 වසරේ පෙබරවාරි 04 වෙනිදා උදයංග වීරතුංග මහතා යළි අබුඩාබි ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැනිණි.

ඒ සිය අඹුදරුවන් සමග ඇමරිකාව බලා ගමන් කිරීමට ගුවන් තොටුපොලට පැමිණ සිටියදීය.

ඔහුව මෙරටට රැගෙන ඒමට එවකට මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක්ද 2018 වසරේ පෙබරවාරි 07 වෙනිදා අබුඩාබි බලා පිටත්ව ගියහ. එම කණ්ඩායමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක්ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක්ද ඇතුලත්ව විය.

මෙම නිලධාරීන් දින කිහිපයක්ම අබුඩාබි හී රැදී සිටියත් ඒ සියල්ල අසාර්ථ වී ඔවුන් නැවත හිස් අතින් ආවේ නීති ගැටළුවක් හේතුවෙනි.

ඒ අතර උදයංග වීරතුංග මහතාව එරට ආරක්ෂක අංශ විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිට ඇත.

පසුව මෙරය නිලධාරීන් එරට බලධාරීන් මුණ ගැසෙමින් උදයංග වීරතුංග මහතාව මෙරටට භාර ගැනීමට අවශ්‍ය නීතිමය ගැටළු නිරාකරණය කර ගැනීමේ සාකච්ඡා පවත්වන ලදි. යළි ඔහු මෙරටට අද රැගෙන ආවේ එහි ප්‍රථිපලයක් ලෙසයි.

උදයංග වීරතුංග මහතා තමාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් දිගින් දිගටම පවසන්නේ තමා එකී චෝදනාවන්ට නිවැරදිකරු බවය.

තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා දේශපාලන පලිගැනීමක් බවත් ඔහු කියාසිටියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි