නවතම පුවත්

රාජ්‍ය රහස් ගොන්නක් ඇති රන්ජන්ගේ කෝල් හඬපට ගබඩාවක් පොලීසිය අතේ- සෝදිසිය කළ සැබෑ හේතුව මෙන්න

අසංක

අසංක

ත්‍රිරෝද රථයක දමාගොස් තිබූ පරිගණකයක Hard Disk (දෘඪාංගයක් ) එකක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාගේ නිල නිවස සෝදිසි කිරීමේ වරෙන්තුව අධිකරණයෙන් ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවසීය.

මිරිහාන ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවන පුද්ගලයකුගෙ රථයට ගොඩවූ අයෙක් විසින් එම හාඩ් ඩිස්ක් එක දමාගොස් තිබුණි.

රියැදුරු මීට දින කිහිපයකට පෙර එය මිරිහාන පොලීසියට භාරදී තිබේ.

පොලීසිය පවසන ආකාරයට හිමිකරුවෙක් නොමැති මෙම හාඩ් ඩිස්ක් එක තාක්ෂණ කටයුතු භාර අයකු ලවා පරීක්ෂා කරවා ඇත.

එහිදී හෙළිව ඇත්තේ දුරකථන සංවාදවල පටිගත කරන ලද හඬපට දහස් ගණනක් එහි තිබෙන බවයි.

මේවා ජංගම දුරකථනයක ස්වයංක්‍රීයව පටිගත වන ඇමතුම්වල හඬපට සහිත දත්ත ගබඩාවකි.

දීර්ඝ ලෙස මේවා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම ඇමතුම් හඬපට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ බවයි.

2016 වසරේ සිට මේ දක්වා ඔහුගේ ජංගම දුරකතනයෙන් ලබාගත් සහ ඔහුට ලැබුණු ඇමතුම් හඬපට මෙහි ගබඩා කොට තිබී ඇත.

මෙම හඬපට තුළ හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග කළ කතාබහ ආදියද තිබේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නිලධාරීන්ට විමර්ශනවලට අදාළව කරන ලද බලපෑම් සම්බන්ධ ඇමතුම්වල හඬපට ද ඇතුළත් වී ඇත.

මේ බව හෙළිවීමත් සමග ඊයේ අධිකරණ වරෙන්තුවක් ලබාගෙන රන්ජන් රාමනායක මහතාගේ නිල නිවස පරීක්ෂා කර ඇත්තෙ එවැනි තවත් හඬපට ඇත්දැයි සෙවීමටයි.

කෙසේවෙතත් එහිදී එවැනි දෙයක් හමුවී නොමැති අතර හමුවී ඇත්තේ වීඩියෝ දර්ශන අඩංගු තැටි 200ක් හා බලපත්‍රය අලුත් නොකල මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාගත් ගිනිඅවිය හා පතරොම් ය.

එම පතොරම් සියල්ල ද නීත්‍යානුකූලව නිකුත් කරන ලද ඒවා ය.

කෙසේවෙතත් සෝදිසි වරෙන්තුව ලබාගෙන ඇත්තේ හාඩ් ඩිස්ක් එකෙන් හමුවූ හඬපටවලට අදාළව මිස වෙනත් යමක් සෙවීමට නොවන බවට ද අදාළ උසස් පොලි නිලධාරියා අප වෙබ් අඩවියට කියාසිටියේ ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී