නවතම පුවත්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරිමට නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කල යුතුයි – ජනාධිපති අවධාරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දියුණු රටක් ගොඩනැඟීමට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවරැදි කළ යුතු බවත්, ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවැසීය.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත් අතර ඉන් අනතුරුව ඔවුන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාමේදී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ යුතු බවත් රාජ්‍ය ව්‍යුහය වංචාවෙන් දූෂණයෙන් තොරව නිවැරදි යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත් බවත් ජනපතිවරයා පැහැදිළි කළේය.

තම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් රටේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා එම වගකිම් ඉටුකිරීමේ දී සෑම අමාත්‍යාංශයකටම පැවරෙන කාර්යභාරය සුවිශාල බවත්, අමාත්‍යාංශ මට්ටමින් නිසි ලෙස වගකීම් ඉටු කරමින් වත්මන් රජය කෙරෙහි ජනතාව තැබූ අපේක්ෂා සපුරාලීමට සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි