නවතම පුවත්

රිමාන්ඩ් එකේ ඉඳන් කිලෝ 225 මත්කුඩු ජාවාරම කළ සිරකරුගේ ෆෝන් අත්අඩංගුවට

අසංක

අසංක

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක නමැති සිරකරු මත්කුඩු ජාවාරම් කිරීමට යොදාගත් ජංගම දුරකත තුනක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.

මහාබාගේ ප්‍රදේශයෙන් අඅත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 225 කට අධික ප්‍රමාණය බෙදා හැරීමට ඔහු සිය ගෝලයින් මෙහෙයවා ඇත්තේ එම ජංගම දුරකතන වලින් බවට හෙළිවී ඇත.

ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්ද ඒ අතර වේ.

මෙම හෙරොයින් තොගය පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉරාන් නෞකාවකින් රැගෙන විත් ඇත.

හලාවත හෝ මිරිස්සෙන් ගිය බහුදින යාත්‍රාවකට පටවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බංගදෙණියේ නිවසක මෙම හෙරොයින් තොගය සගවා තබාගෙන කොටස් වශයෙන් බෙදා හැරීමට සූදානම් වී ඇත.

එම ප්‍රෙද්ශයේ පොලිස් ස්ථාන මගින් ඇදිරි නීති බලපත්‍ර ඒ අයට නොලැබීම හේතුවෙන් මාළු ප්‍රවාහනය කරන ශීතකරන ලොරියක දමා මෙම හෙරොයින් තොගය මහබාගේ නිවසට රැගෙන විත් ඇත.

එම හෙරොයින් තොගය බංගදෙණියෙන් ලොරි රථයට පටවන විටත් ඒවා හාල් ගෝනි තුළ සගවා තිබී ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

මෙම හෙරොයින් තොගය බෙදා හැරීමට නියමිතව සිටි ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවද අනාවරණය වී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි