නවතම පුවත්

රිෂාඩ් හැංගී සිටි තැන් අනාවරණය වෙයි

අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවෙස්වල සීසීටිවී දර්ශන පරීක්ෂාව ආරම්භ කර තිබේ.

ඔහු පසුගිය අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිට ඇත්තේ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරියකගේ රෝහල ආසන්නයේ පිහිටි නිවසකය.

බ්‍රහස්පතින්දා පස්වරුවේ ඔහු දෙහිවල මහ නගර සභාව අසල පිහිටි මරික්කාර් නමැත්තකුට අයත් මහල් නිවාසයට ගොස් සැඟවී සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයාට සැඟව සිටීමට සහය දුන් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරිය ද අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයා සොයාගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු සහ පසුගිය දිනවල මන්ත්‍රීවරයා විසින් මාරු කරන ලද වෙනත් අයකුගේ නමට මිලදී ගත් සිම් පතක් සහිත අලුත් දුරකථනයේ සංඥා ඔස්සේය.

සබැඳි පුවත්

රිෂාද් අත්අඩංගුවට

රිෂාද් හංගගෙන සිටි වෛද්‍ය යුවළක් අත්අඩංගුවට

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි