නවතම පුවත්

ලංකාවට වැඩි වැඩියෙන් ඉතාලි ආහාර

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර සංස්කෘතික සමාජයීය සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කරන බව මෙරට ඉතාලි තානාපතිනි රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම දෙරටෙහි අහාර පාන ක්‍රම හා රටා අතර සමානතා හා සමීපතා රැසක් පවතින බවත් ඒ අනුව දෙරට අතර සබදතා ශක්තිමත් කිරීම සඳහා එයද විශේෂයෙන් යොදාගැනීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කර සිටී

ඉතාලි අහාර වෙනුවෙන්ම වෙන්වූ දොල්චේ ඉතාලියා අවන්හලේ නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කලාය .

ශ්‍රී ලංකාව තුල ඉතාලි අහාර රටා ප්‍රචලිත කිරීම සඳහා තවදුරටත් කටයුතු කරන බවද , දැනටමත් එම අහාර සඳහා මෙරට ජනතාව අතර විශාල කැමැත්තක් පවතින බවද තානාපතිනිය පැවසුවාය .

කොළඹ 05 ස්කෙලටන් පාරේ පිහිටි මෙම ඉතාලි අවන්හල ආරම්භ කර ඇත්තේ ඉතාලියේ ප්‍රවීණ සූපවේදිනියන් වන මනුවෙලා ප්‍රග්නොලි හා ෆ්ලොරන්ස් ගම්බරෝටා විසිනි.

ඡායාරූපයේ මැද සිටින්නේ මෙරට ඉතාලි තානාපතිනිය රීටා මැනෙල්ලා මහත්මියයි
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්