නවතම පුවත්

ලංකාවේ ඇති කුරාණයේ දෙමළ පරිවර්ථනය වැරදි – ඒ නිසා තරුණයෝ වැරදි මාර්ගයේ ගියා – මුස්තාෆික්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශිෂ්‍ය සංවිධානයේ කෑගල්ලේ සභාපතිවරයාව සිටි මොහොමඩ් මුස්තාෆික් අවධාරණය කරමින් කියා සිටියේය.

මිනිසුන් මරන්න යැයි කොතනකවත් කුරාණයේ සදහන්ව නැති බව ද ඔහු ප්‍රකාශයක් දෙමින් සඳහන් කළේය.

කුරාණයේ සදහන්ව ඇත්තේ එක මිනිහෙක් මැරුවොත් ලෝකේ සියලුම  මිනිස්සු ඝාතනය කළා හා සමාන පවක් එන බව යැයිද ඔහු කියා සිටියේය.

වැසිකිලියට ගොස් මුත්‍රා කිරීමේදී කූහුඹියෙක් ඊට හසුවේනම් එම කූහුඹියා ඉවත්කර එම සතාගේ ජීවිතය බේරා ගන්නා ලෙස කුරාණයේ සදහන්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

වැරැද්ද සිදුව ඇත්තේ කුරාණය දෙමළට පරිවර්ථනය කිරීමේදී නිසි අවබෝධයකින් එය නොකිරීම නිසා බවද ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මේ වනවිට තරුණයින් බොහෝ දෙනෙක් වැරදි මගට යොමුව ඇති බවත් ඔහු සදහන් කළේය.

මවුලවිවරුන් ලෙස හරිදේ දේශනාකරන්නේ නම් තරුණයින් බොහෝ දෙනෙක් හරිමගට ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු කියාසිටියේය.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම්වලටත් වනාතවිල්ලුවේ පුහුණු කදවුර පවත්වාගෙන යාමත් සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වන සාදික් නැමැත්තා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටි වකවානුවේදී ඉස්ලාමීය නොවන අය මරා දැමිය යුතු බවට දේශනා පවත්වා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලෙස 2014 සහ 2015 වසරවල කටයුතු කළේ සාදික් බවත් ඉස්ලාමීය නොවන අය ඝාතනය කළ යුතු බවට දේශනා පවත්වා ඇත්තේ එම වකවානුවේදී බවත් ඔහු පැවැසීය.

ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයින් විවිධ පුහුණු වීම් සදහා තුර්කියටත් ටියුනීසියාව හෝ මලයාසියාටත් ගොස් ඇති බවද මුස්තාෆික් සාකිෂි දෙමින් කොමිසම හමුවේ අනාවරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි