නවතම පුවත්

‘ලංකාව ණය උගුලක සිරකොට නෑ’ – චීනය

අසංක

අසංක

ශ්‍රී ලංකාව ණය උගුලක සිරකරලීමට චීන රජය කිසිලෙසකින් කටයුතු කර නොමැති බවත් , චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ආධාර ප්‍රමාණය, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති මුළු විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 10.6ක් පමණක් වන බවත් චීන තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

චීනය මෙරටට ලබාදී ඇති ණය ආධාර වලින් සියයට හැටක්ම සහනදායි ණය ක්‍රම හරහා දී ඇති බවත් මෙරට චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලුඕ චොන්ග් මහතා සඳහන් කර සිටී.

චයිනා හාර්බර් ඉංජිනේරු සමාගමේ මූලිකත්වයෙන් පසුගියදා කොළඹදී පවතී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් චොන්ග් මහතා මේ බව සඳහන් කළේය .

අත්‍යාවශ්‍යම හා වැදගත් අවස්ථාවන්හිදී චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට මෙන්ම පශ්චාත් යුධ සමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍යධාර ඇතුළු විවිධාකාර සහයෝගයන් ලබාදී ඇති බවත් චොන්ග් මහතා මෙහිදී සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරුවෙකු ලෙස චීනය එම ආධාර ලබාදුන් බවත් චෝන්ග මහතා පැවසීය .

මෙරට මහා බැංකු වාර්තා උපුටා දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

‘ 2017 වසරේ මහා බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලබාගෙන ඇති මුළු විදෙස් නය ප්‍රමාණය ඩොලර් බිලියන 51.824 කි. ඒ අතරින් ශ්‍රී ලංකා රජයට චීනයෙන් ලබාදී ඇත්තේ ඩොලර් බිලියන 5.5 ක ණය ප්‍රමාණයක් පමණයි . ප්‍රතිශතයක් ලෙස එය සියයට 10.6ක් පමණයි . එසේම චීන නය ප්‍රමාණයෙන් සියයට 61.5ක්ම ලබාදී ඇත්තේ සහන පොලී අනුපාත යටතේයි .එනම් ජාත්‍යන්තර වෙළඳපොලේ පොලී අනුපාතයන්ට වඩා අඩුවෙන් .’

” ඒ නුව චීනය ,විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකිරීමට උත්සාහ කරන බවට වන ප්‍රචාරයන් , බටහිර මාධ්‍යයන් විසින් පතුරුවන අසත්‍යයක් . එම ප්‍රචාරයන්ට කිසිදු පදනමක් නැහැ. ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල් හා චීනය අතර පවතින ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා .ඒ හරහා බටහිර රටවල් උත්සාහ කරන්නේ කලාපීය හා ජත්‍යන්තර වශයෙන් තම ආර්ථික හා දේශපාලනික ආධිපත්‍යය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමයි.’

; ඒ අනුව චීනය ශ්‍රී ලංකාවට නය ලබාදෙන්නේ සැඟවුණු න්‍යාය පත්‍රයක් මත බවට බටහිර මාධ්‍ය ගෙනයන ප්‍රචාරයන්ද පදනම් විරහිත බව චොන්ග් මහතා පැවසීය .

” ශ්‍රී ලංකාව උගුලක සිරවී තිබෙනවා . නමුත් ඒ චීනයෙන් ලබාගත් ණය නිසා නොවෙයි. සංවර්ධන ක්‍රියාවලියේ ඇති අඩුපාඩු හා විවිධ ඓතිහාසික හේතූන් මත ශ්‍රී ලංකාව මෙසේ උගුලක සිරවී සිටිනවා . විවිධ බාහිර බලපෑම්ද ඊට හේතුකාරණා වී තිබෙනවා . නමුත් චීනය උත්සාහ කරන්නේ මූල්‍යාධාර ඇතුළු විවිධ සහයෝගයන් ශ්‍රී ලංකාවට ලබාදී , මෙම උගුලින් ශ්‍රී ලංකාව ගලවා ගැනීමටයි .

‘ ඇතැම් විදෙස් බලවේග උත්සාහ කරන්නේ විවිධ අසත්‍ය ප්‍රචාර දියත් කර , ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සංවර්ධන සහයෝගිතාව බිඳ දමා,, ශ්‍රී ලංකාව තවදුරටත් මෙම උගුල තුලම රඳවා තැබීමටයි.ශ්‍රී ලංකා උගුලින් ගලා , සංවර්ධනයේ මාවතට ගෙන ඒමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවයක් හෝ බලාපොරොත්තුවක් නැහැ .”

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සියල්ල ,ඉදිරියට යන්නේ , ‘ පරිපූර්ණ උපදේශකත්වය , ඒකාබද්ධ දායකත්වය , හා ප්‍රතිලාභ බෙදාහදාගැනීම යන ස්වර්ණමය නීති තුන පදනම් කරගෙනයි. එම ව්‍යාපෘති බොහොමයක් මෙරට ජාතික ආර්ථිකයට හා ජනජීවිතයට ඉතා වැදගත් සබඳතාවයක් ඇති ව්‍යාපෘති.

මෙවැනි විශාල ව්‍යාපෘති තනිවම සාර්ථක කරගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය , තාක්ෂණික දැනුම හා අත්දැකීම ශ්‍රී ලංකාව සතුව නැහැ . එම නිසයි ඒ සඳහා ශ්‍රී ලංකාව සැමවිටම විදෙස් ආධාර හා සහයෝගය ඉල්ලා සිටින්නේ . ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී සම්බන්ධතාවයක් ඇති චීනය , මෙවැනි අවස්තාවලදී සැමවිටම ශ්‍රී ලංකාවේ සහයට ඉදිරිපත්වනවා.

මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍යධාර චීන රජය විසින් සපයන අතර චීන සමාගම් . මෙම ව්‍යාපෘතිභාරව කටයුතු කරමින් ඉදිකිරීම් සාර්ථක කර ගැනීමට ක්‍රියාකාරීව දායකත්වය ලබාදෙනවා. මෙම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ධනාත්මකව බලපානවා. මෙවැනි ව්‍යාපෘති හරහා රැකියා අවස්ථා උදාවනවා. මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල නැංවෙනවා. ආර්ථිකමය හා සමාජයීය වශයෙන් රටට නව මුහුණුවරක් මේ හරහා ලැබෙනවා.

චීනයේ සහය ඇතිව ක්‍රියාත්මක වූ වරාය , ගුවන්තොටුපල , අධිවේගී මාර්ග ඇතුළු ව්‍යාපෘති හරහා මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති දේ බොහොමයි . ඉදිරියටත් එවැනිම සහයක් මෙරටට ලබාදීමට චීනය බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය පිළිබඳව චීනයට විශ්වාසයක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉදිරි ව්‍යාපෘති සඳහාද ආත්මාර්තයකින් තොරව චීනය දායකත්වය සපයනවා, ආධාර ලබාදෙනවා . හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සියලුම කටයුතුද සිදුවුනේ දෙරටේම එකඟතාවයන් මතයි. දෙපාර්ශවයටම එක ලෙස ප්‍රතිලාභ අත්වන ලෙසයි. ඒ ව්‍යාපෘතිය හරහා ඉදිරියේදී මෙරට වරාය ආර්ථිකයේ වර්ධනයට විශාල දායකත්වයක් ලැබේවි.

ශ්‍රී ලංකා රජය මෙන්ම , ව්‍යාපාරික ප්‍රජාව , මාධ්‍ය හා පොදු ජනතාව සමග එක්ව , චීන ශ්‍රී ලංකා සංවර්ධන සබඳතාවන්ට එරෙහිව එන බලපෑම පරාජය කිරීමට බලාපොරොත්තුවන බවත් , දෙරටෙහිම ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා දෙරටෙහි ඒකාබද්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් චොන්ග් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි